Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket බම්බලපිටිය ශාන්ත පීතර අවසන් තරගයට

බම්බලපිටිය ශාන්ත පීතර අවසන් තරගයට

editorial - 2024 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ  ‘බී’ කාණ්ඩයේ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය  සමත්විය. වැලිසර නාවික හමුදා කදවුරු පිටියේදී අද (3) නිමාවූ අවසන් පූර්ව තරගයේදී පළමු ඉනිමේ පරාජයට පත්ව සිටියද, කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 60 ක විශිෂ්ට ජයක් ලබමින් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මෙම තරගයේදී ශාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් නායක විශේන් හැළඹගේ පිත්තෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර, ෂැනොන් රොද්‍රිගෝ (39/6) සහ ලෂ්මික පෙරේරා (38/3) පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූහ.

අවසන් මහා තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය තරග වදිනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පූර්ණ අනුග්‍රහය දක්වන මෙම තරගාවලිය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබයි. 

 

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය - පළමු ඉනිම 128 යි
(ඉෂිර ආයුපාල නොදැවී 28, සිතුක ගුණවර්ධන 49/4, දසිත් සෙනාල් 07/2, ටිතිර සංසිර 14/2) 

ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම 144 යි
(රුචිත් රොද්‍රිගෝ 42, චනුල් දිනෝත් 29, කෙවින් සැමුවෙල් 20, ෂෙනාන් රුද්‍රිගෝ 39/6, ලෂ්මික පෙරේරා 38/3)

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය - දෙවැනි ඉනිම - කඩුලු 9 ට 195 යි
(විශේන් හැළඹගේ 76, ඉෂිර ආයුපාල 32, සිතුක ගුණවර්ධන 77/3)

ඉසිපතන විද්‍යාලය - දෙවැනි ඉනිම  119 යි
(ළෙසඳු කල්පගේ 46, ලෂ්මික පෙරේරා 19/4, දිලන දම්සර 20/3, ෂැනොන් රොද්‍රිගෝ 51/2)


    


අදහස් (0)

බම්බලපිටිය ශාන්ත පීතර අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.