කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති 87 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය අද (06) විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ තරගය අවසන් වන විට නාලන්දා විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 109 ක් රැස්කර සිටියේය.
පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට කඩුල්ලක් දැවී ලකුණු 55 ක් රැස්කර සිටි ආනන්ද විදුහල කඩුලූ 4 ක් දැවී ලකුණු 216 ක් රැස්කර සිටියදී පළමු ඉනිම අත්හිටුවීය.
රහල් අවිෂ්ක විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 84 ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු සමූ අෂාන් ලකුණු 11 කට දැවී යෑම ආනන්ද විදුහලට දැඩි පාඩුවක් බවට පත්විය.
පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විදුහල් පළමු ඉනිම ලකුණු 197 කට සීමා විය.
එහිදී නිම්නක රත්නායක වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 44 ක් රැස් කළේය. සුපුන් වරාගොඩ ලකුණු 13 කට කඩුලූ 4 ක් දවා ගනිමින් ආනන්ද විදුහලේ දක්‍ෂතම පන්දු යවන්නා බවට පත්විය.
ආනන්ද විදුහල් පිලේ නායක නිසල් ෆ‍්‍රැන්සිස්කෝ කාසියේ වාසිය ලබා පළමු පන්දුවට පහරදීමට නාලන්දා විදුහලට ආරාධනා කළේය.
ආනන්ද විදුහලේ සුපුන් වරාගොඩ තරගයේ වීරයා ලෙස ද, රහල් අවිෂ්ක දක්‍ෂතම පිතිකරු ලෙස ද, සමූ අෂාන් දක්‍ෂතම පන්දු යවන්නා ලෙසද, නාලන්දා විදුහලේ ලක්‍ෂිත රසාංජන දක්‍ෂතම පන්දු රකින්නා ලෙසද, සම්මාන ලැබූහ.
නාලන්දා විදුහල පළමු ඉනිම ඕවර 71.1 කදී සියලූ දෙනා දැවී 197
(නිම්නක රත්නායක 44, ලක්‍ෂිත රසාංජන 35, මාලිංග අමරසිංහ 37, දසුන් සෙනෙවිරත්න 21, ඩිලාන් සුරවීර 20, සුපුන් වරාගොඩ 13/4, දිලීප ජයලත් 44/2, සමූ අෂාන් 45/2)
ආනන්ද විදුහල පළමු ඉනිම ඕවර 55 කදී කඩුලූ 4 ට 216
(රහල් අවිෂ්ක 84, අසෙල් සිගේරා නොදැවී 41, කවිෂ්ක අංජුල නොදැවී 44, සුහඟ විජේවර්ධන 31/2)
නාලන්දා විදුහල දෙවැනි ඉනිම ඕවර 51 කදී කඩුලූ 6 ට 109
(දසුන් සෙනෙවිරත්න 25, සුහඟ විජේවර්ධන නොදැවී 40, සුපුන් වරාගොඩ 28/3, සමූ අෂාන් 34/3)
ඡායාරූප - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.