ශූරයාට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන ‘එස්.එල්.ටී. ස්පීඞ් අප් ’ විවෘත රේසිං පාපැදි සවාරිය ජුලි මස 27 වැනිදා පෙරවරු 8.30 ට කොළඹින් ඇරැඹෙයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පුර්ණ අනුග්‍රහයෙන් දින පහක් පුරා පැවැත්වෙන මෙම පාපැදි සවාරිය ජුලි 31 වැනිදා මඩකලපුව නගරයෙන් අවසන් වීමට නියමිතය. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් තරගාවලිය මෙහෙයවනු ලබයි.
මෙතෙක් ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩාවේ තරගයකදී ශූරයාට හෝ ශූරියට පිරිනැමෙන විශාලතම මුදල් ත්‍යාගය මෙය බව තරග සංවිධායකවරු පවසති. ශූරයාට පිරිනැමෙන මිලියනයක මුදලට අමතරව සමස්ත තරගයේ ජයග්‍රහී තරගකරුවන් සඳහා ලක්ෂ 30 ක පමණ මුදලක් ත්‍යාග ලෙස පිරිනැමීමටද අනුග්‍රාහක ටෙලිකොම් සමාගම කටයුතු යොදා තිබේ.
වර්තමානයේ මෙරට ක්‍රියාත්මක පාපැදි සවාරි අතරින් වැඩිම දින ගණනක් (දින පහක්) පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ මු`ඵ දුර ප්‍රමාණය කිලෝමීටර 780.5 කි.
ජුලි මස 27 වැනිදා කොළඹ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අසළින් ආරම්භවන පාපැදි සවාරියේ » අදියර මාතර නගරයේ ටෙලිකොම් ආයතනය ඉදිරිපිටින් අවසන් වෙයි. මෙහි දුර කිලෝමීටර 150.7 කි.
මාතර සිට රත්නපුර නව නගරය දක්වා කිලෝමීටර 150.0 ක දුරකින් II වැනි අදියර පැවැත්වේ. රත්නපුර මහජන බැංකුව ඉදිරිපිටන් ආරම්භවන III වැනි අදියරේදී තරගකරුවෝ කිලෝමීටර 127 ක දුරක් ධාවනයේ යෙදෙමින් මහනුවර දළදා වීදිය අසළින් එම අදියර අවසන් කරති.
කිලෝමීටර 149.8 ක දුරකින් පැවැත්වෙන IV වැනි අදියර මහනුවර නගරයේ සිට අනුරාධපුර නගරය දක්වා පැවැත්වීමට නියමිතය.
තරගයේ අවසානය අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරේ.
අනුරාධපුර නගරයෙන් ජුලි 31 වැනිදා පෙරවරු 8.30 ට ආරම්භවන V වැනි අදියරේ පළමු අර්ධය පැවැත්වෙන්නේ පොලොන්නරුව දක්වා කිලෝමීටර 106.0 කිනි.
එහි දෙවැනි සහ අවසන් අර්ධය එදින පස්වරු 2.00 ට පොළොන්නරුවේ සිට මඩකලපුව (කිලෝමීටර 97) දක්වා පැවැත්වේ. සමස්ත තරගයේ අවසානය සටහන් වන්නේ මඩකලපුව සෙල්වනායගම් අනුස්මරණ ශාලාව ඉදිරිපිටිනි.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලියාපදිංචි පාපැදි ක්‍රීඩා සමාජවල 2016 වසරේ බලපත්‍ර ලාභී වයස 23 න් පහළ සහ සුපිරි වර්ගීකරණයට අයත් ක්‍රීඩකයන්ට මේ සවාරියට සහභාගිවිය හැකිය.
මෙම පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (21) කොළඹ සිනමන් ග්‍රැන්ඞ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී පාපැදි සම්මේලනයේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතා ටෙලිකොම් සමාගමේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ පිරිමි තරගයට සමගාමීව කාන්තා තරගයක් පැවැත්වීමට ද අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසයි.
කාන්තා තරගය පැවැත්වීම පිළිබඳව එක් වරම කිව නොහැකි වුවත් ක්‍රීඩිකාවන් සඳහා තරගයක් පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව ඉක්මනින් තීරණයක් ගන්නා බවත් ටෙලිකොම් සමාගමේ වෙළෙඳ ප්‍රධානී අජන්ත සෙනෙවිරත්න මහතා පැවසීය.
සමස්ත තරගයේ දෙවැනි ස්ථානය දිනාගන්නා තරගකරුට රුපියල් 500,000 ක්ද, තෙවැනි ස්ථානය ලබන තරගකරුට රුපියල් 300,000 ක්ද ලෙස 15 වැනි ස්ථානයට තරගය නිමකරන තරගකරු දක්වා මුදලින් ත්‍යාග පිරිනැමේ.
අදියර ජයග්‍රාහකයන්ට, ස්ප්‍රින්ට් ජයග්‍රහකයාට මෙන්ම සමස්ත කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් ද මුදල් ත්‍යාග පිරිනැමේ. තුන්වැනි අදියරේදී කඩුගන්නාව කඳු මුදුන පළමුව තරණය කරන ක්‍රීඩකයාට දක්ෂතම කඳු තරණය කරන ක්‍රීඩකයා ලෙස ත්‍යාග ප්‍රදානය කෙරේ.
අදියර අවසානයේ ඉදිරියෙන් සිටින තරගකරු කහ බැනියම ඇඳ තරග කරන අතර ස්ප්‍රින්ට්, වයස 23 න් පහළ ඉදිරියෙන් සිටින තරගකරු සහ දක්ෂතම කඳු තරණය කරන ක්‍රීඩකයා ද ඔවුන්ට අයත් වර්ණයන්ගෙන් යුත් බැනියම් වලින් සැරදී ධාවනයේ නිරතවේ.
සමස්ත තරග ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින වයස 23 න් පහළ ක්‍රීඩකයාට දක්ෂතම යොවුන් පාපැදි ශූරයාට හිමි සම්මානය පිරිනැමේ.
මේ සඳහා දිවයිනේ නමගිය මෙන්ම යොවුන් පාපැදි ධාවකයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගිවෙතැයි සංවිධායකවරු අපේක්ෂාවෙන් සිටිති.
කොළඹදී පැවැති මෙහි මාධ්‍ය දැනුම්වත් කිරීමේ උත්සවයේදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපැදි රන් පදක්කම් දෙකක් දිනාගත් ජීවන් ජයසිංහ ඇතුඵ මෙරට ප්‍රවීණ පාපැදි ක්‍රීඩකයන් ඇගයීම ද සිදු කෙරිණ.
පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම දින පහ පුරා මාර්ගවල විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන අතර සියලු තරගකරුවන් සඳහා රක්ෂණාවරණයක් ද හිමිවේ.
අයැදුම්පත් බාර ගැනීම ජුලි මස 22 වැනිදා අවසන්වේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, පැරැණි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, නො: 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.
මේ පිළිබඳ වැඩි විස්තර පාපැදි සම්මේලනයේ සංවර්ධන කමිටු සභාපති ගෲප් කපිතාන් සුජීවන් සේනාරත්න මහතා (0772229212) ඇමැතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.