Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බාටා පාවහන් සමාගම සහ විජය පුවත්පත් සමාගම එක්ව 37 වැනි වරටත් සංවිධානය කරන ‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගය ඉකුත් ඉරිදා සිට නිල වශයෙන් ආරම්භ විය.
වසරේ ජනප‍්‍රියම කි‍්‍රකට් කී‍්‍රඩකයා තෝරා ගැනීම සඳහා නිකුත් කරන කූපන් පත් සති 16 ක් පුරා විජය පුවත්පත් සමාගමේ සති අන්ත පුවත්පත් වන ‘සන්ඬේ ටයිම්ස්’ සහ දේශය පුවත්පත් වලත්, දිනපතා පළවන පුවත්පත් වන ‘ඬේලි මිරර්’ සහ ‘ලංකාදීප’ පුවත්පත් වලත් අන්තර්ගත වේ.
සෑම වසරකම පරිදි මේ වසරේදීද ප‍්‍රධාන වශයෙන් සමස්ථ ලංකා, නැගී එන පාසල් සහ අන්තර් ජාතික පාසල් ලෙස කාණ්ඩ 3 ක් යටතේ මෙම තරගය පැවැත්වේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා, වසරේ ජනප‍්‍රියම කි‍්‍රකට් කී‍්‍රඩකයා බවට පත්කිරීම සඳහා මනාපය පළ කිරීමට ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.
ඉකුත් වසරේ (2015) පැවැති ‘බාටා - සන්ඬේ ටයිම්ස්’ සම්මාන උළෙලේදී වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත් ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක මේ වන විට බංග්ලාදේශයේදී පැවැත්වෙන 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දරයි.
එවර ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩාමේ හිටපු වේගපන්දු පුහුණකරුවකු මෙන්ම හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයකුද වන චමින්ද වාස් මහතා අතින් චරිත් අසලංක එම සම්මානය ලබාගත්තේය.
වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයට අමතරව වසරේ දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා සම්මානයට සහ දක්ෂතම පන්දුයවන්නා අනුශූරතාවටද හිමිකම් කීමට චරිත් අසලංක සමත්වූ අතර ගාල්ල රිච්මන්ඞ් විදුහල් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ නායකත්වය දරමින් ඔහු දැක්වූ දක්ෂතා ඊට හේතු විය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිෂ්ක ප‍්‍රනාන්දුට වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩක අනුශූරතාව සහ වසරේ දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානය හිමිවිය. දක්ෂතම පිතිකරු අනුශූරතාව කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ අඛීල් ඉන්හාම් හිමිකර ගත්තේය.
කොළඹ ආනන්ද විදුහලේ ඩිලංක සඳකැන්, වසරේ දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත් අතර කොළඹ ලූම්බිණි විදුහලේ ජම්මික දරණ වසරේ දක්ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන දිනාගත්තේය. දක්ෂතම පන්දු රකින්නා අනුශූරතාව ගාල්ල රිච්මන්ඞ් විදුහලේ වනිඳු හසරංගට හිමිවිය.
ඉකුත් වසරේ දක්ෂතම කණ්ඩායමට හිමිවූ සම්මානය තමන් සතුකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සමත්වෙද්දී, එම කණ්ඩායම මෙහෙයවූ චන්දුල ජයමාන්න වසරේ දක්ෂතම නායකයා ලෙස සම්මාන දිනාගත්තේය.
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලේ අසිත මධුසංක, නැගී එන පාසල් කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලබාගත් අතර වසරේ නැගීඑන පාසල ලෙස අම්බලංගොඩ පී. ද එස්. කුලරත්න විදුහලද, දක්ෂතම ජාත්‍යන්තර පාසල ලෙස නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලද සම්මානයට පාත‍්‍ර විය.
‘සන්ඬේ ටයිම්ස්’, ‘දේශය’, ‘ඬේලි මිරර්’ සහ ‘ලංකාදීප’ පුවත්පත් වල පළවූ කුපන් පත් මගින් තෝරාගන්නා ලද වසරේ ජනප‍්‍රියම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ සම්මාන දිනාගත්තේය.
එහි නැගී එන පාසල් කාණ්ඩයේ ශූරතාව ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංගටත්, අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ශූරතාව පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන්ටත් හිමිවිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.