
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ තුන්වැනි පෙළ ‘ඒ’ කාණ්ඩයේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය පසුගියදා සමත්විය. රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය විසින් හලාවත ශාන්ත මරියා විද්‍යාලය කඩුලු 10කින් පරාජය කරන ලදි.
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් සංජන නෙතුපුල් සහ ශානුක දෙනුවන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ. රවිඳු තීක්ෂණ පිත්තෙන් දස්කම් දැක්වීය.
කණ්ඩායම් 64ක් කාණ්ඩ 8ක් යටතේ පළමු වටයේදී තරගාවලියට සහභාගී වූ අතර, අවසන් තරගයට සුදුසුකම් ලද හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සහ හලාවත ශාන්ත මරියා විද්‍යාලය යන කණ්ඩායම් දෙකම ලබන තරගවාරයේ සිට 2 වැනි පෙළ ‘බී’ තලයේ තරගාවලියට උසස්වීම් ලබා තිබේ.
හලාවත ශාන්ත මරියා විද්‍යාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී 85 යි
(කවිඳු මලිෂ්ක 54, සංජන නෙතුපුල් 23/5, ශනුක දෙනුවන් 21/3)
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 140 යි
(රවිඳු තීක්ෂණ 68, සතිෂ්ක රුක්ෂාන් 25/3, සමිත ධනංජය 49/3)
හලාවත ශාන්ත මරියා විද්‍යාලය - දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 70 යි
ටිෂාන් රන්දිනු 26, ශනුක දෙනුවන් 13/4, තරුන් ද සිල්වා 38/3, සංජන නෙතුපුල් 14/2)
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 16 යි

ශූරතාව දිනාගත් හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.