Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ​ශ්‍රී ලංකාවට රන් - රිදී පදක්කම්

​ශ්‍රී ලංකාවට රන් - රිදී පදක්කම්

editorial - 2023 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ රිදී පදක්කමක් හිමිවිය. කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ලොකුගේ රන් පදක්කමක් දිනාගත් අතර කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන රිදී පදක්කමක් ද දිනා ගත්තාය.

ආසියාවට අයත් රටවල් 38 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 629 දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වූහ. එහිදී වයස 18 න් පහළ බාලක අංශයෙන් තරග කළ සුසාල් ලොකුගේ රන් පදක්කම දිනා ගත්තේය. ඔෂිනි ගුණවර්ධන වයස 12න් පහළ බාලිකා අංශයේ රිදී පදක්කම දිනාගත්තාය.

මේ තරගාවලිය දෙසැම්බර් මස 14 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විණ. තරගවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 26 දෙනෙක් සහභාගීවූහ.


අදහස් (0)

​ශ්‍රී ලංකාවට රන් - රිදී පදක්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.