Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆෝමියුලා-I දින දර්ශනයට තවත් තරගයක්

ෆෝමියුලා-I දින දර්ශනයට තවත් තරගයක්

editorial - 2021 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆෝමියුලා-I දින දර්ශනයට අලුතින් එක්වන මියාමි ගෝන් ප්‍රී තරගයේ සමාරම්භක තරගය ලබන වසරේ (2022) මැයි මස 8 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතැයි එහි සංවිධායකයෝ පවසති. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී රිචඞ් ක්‍රේගන් මහතා කියා සිටියේ ෆෝමියුලා-I  බලධාරීන් මියාමි තරගය සඳහා නිල වශයෙන් අනුමැතිය ලබා දුන් බවයි.

ලබන වසරේදී පැවැත්වෙන දිනය මේ වසරේදී (2021) නිල වශයෙන් නිවේදනය කළ දෙවැනි තරගය බවට මියාමි ගෝන් ප්‍රී තරගය පත් විය. බ්‍රිතාන්‍ය ගෝන් ප්‍රී තරගයද ලබන වසරේදී පැවැත්වෙන දිනය නිවේදනය කළ අතර එය ලබන වසරේ ජූලි මස 3 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

ලබන වසරේ ෆෝමියුලා-I  තරග කාලසටහන තරග 23 කින් සමන්විත වනු ඇති බවත්, එය මේ වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා එළිදැක්වීමට සූදානමින් සිටින බවත් ෆෝමියුලා-I තරග සංවිධයක කමිටුවේ සභාපති ස්ටෙෆානෝ ඩෙමොනිකාලි මහතා පැවසීය.

එළිදැක්වීමට පෙර ඊට ලෝක මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ අනුමැතිය ලබාගත යුතු බවද කියා සිටි ඒ මහතා, මෙම වසරේදී කොරෝනා වසංගතය හේතුවෙන් අතහැර දැමුණ ඕස්ට්‍රේලියානු, චීන, කැනඩා, සිංගප්පූරු සහ ජපන් ගෝන් ප්‍රී තරග ලබන වසරේදී යළිත් කාලසටහනට ඇතුළත්වන බවද සඳහන් කළේය.


මෙම වසරේ ඉතිරිව ඇති ෆෝමියුලා-I කාණ්ඩයේ ගෝන් ප්‍රී තරග
■    රුසියානු ගෝන් ප්‍රී තරගාවලිය (සැප්. 26)
■    තුර්කි ගෝන් ප්‍රී තරගාවලිය (ඔක්. 10)
■    ඇමරිකානු ගෝන් ප්‍රී තරගාවලිය (ඔක්. 24)
■    මෙක්සිකෝ ගෝන් ප්‍රී තරගාවලිය (නොවැ. 07)
■    බ්‍රසීල ගෝන් ප්‍රී තරගාවලිය (නොවැ. 14)
■    සවුදි ආරාබියානු ගෝන් ප්‍රී තරගාවලිය (දෙසැ. 05)
■    අබුඩාබි ගෝන් ප්‍රී තරගාවලිය (දෙසැ. 12)


-036

 


අදහස් (0)

ෆෝමියුලා-I දින දර්ශනයට තවත් තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.