Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆේබියන් - බ්‍රැත්වෙයිට් - වනිඳු මහනුවර දිනවති
එල්.පී.එල්. - 2022

ෆේබියන් - බ්‍රැත්වෙයිට් - වනිඳු මහනුවර දිනවති

editorial - 2022 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ෆේබියන් ඇලන්ගේ (47) ධෛර්යවත් පිතිහරඹයත්, කාලෝස් බ්‍රැත්වෙයිට් (18/4) සහ වනිඳු හසරංග (21/2) දෙදෙනාගේ පන්දු යැවීමත් නිසා පල්ලෙකැළේදී අද (14 වැනිදා) පැවැති එල්.පී.එල්. තරගයේදී මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම විසින් යාපනය ‘කිංග්ස්’ කණ්ඩායම ලකුණු 10 කින් පරාජය කරන ලදි.

ලකුණු 161 ක ඉලක්කයක් කරා ගිය යාපනය ක්‍රීඩකයන්ට ඕවර 20 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 150 කි.

යාපනය පිලේ දෙවැනි ඕවරයේදීම දෙවැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු (33) සහ සධීර සමරවික්‍රම (48) එක්ව පන්දු 31 කින් ලකුණු 58 ක් එක්කළහ. එහෙත් ෂොයිබ් මලික් (08) සහ තිසර පෙරේරා (02) දෙදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාමත්, සධීරගේ උඩපන්දුවක් පන්දු යැවූ හසරංග විසින්ම රැකගැනීමෙන් පසුවත්, යාපනය පිතිකරුවෝ අමාරුවේ වැටුණහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර පිලේ ඕවර 6 ක් ඇතුළත ලකුණු 25 කට කඩුලු 5 ක් බිඳ වැටිණ. එහෙත් අශේන් බණ්ඩාරට එක්වූ කොදෙව් ක්‍රීඩක ෆේබියන් ඇලන් ලකුණු 151 ක් කරා මහනුවර ‘ෆෝල්කන්ස්’ කණ්ඩායම කැඳවාගෙන ගියේය. ෆේබියන් දැවී යාමෙන් පසුව තරගය අතට ගත් චාමික කරුණාරත්න පන්දු 9 කින් ලකුණු 18 ක් ලබා ඕවර 20 ක් නිමාවේදී මහනුවර ලකුණු සංඛ්‍යාව කඩුලු 8 කට 160 ක් වශයෙන් තවත් ඉහළ දැම්මේය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ පැතුම් නිස්සංක සහ ඇන්ඩි්‍ර ෆ්ලෙචර් දෙදෙනා එක්ව පන්දු 29 කින් ලකුණු 35 ක් එක්කළ නමුත් කමිඳු මෙන්ඩිස් දැවී යාමත් සමගින් තරගය වෙනස් විය.

එතැන් සිට තරගය අනෙක් පැත්තට කරකැවූ දුනිත් වෙල්ලාලගේ තමන්ගේ ඕවර 4 ලකුණු 07 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගනිද්දී ජේම්ස් ෆුලර් සහ ඩිල්ෂාන් මධුශංක මහනුවර පිතිකරුවන් එකා පසුපස එකාආපසු ක්‍රීඩාගාරයට යැවූහ.

යාපනය කිංග්ස් හමුවේ කාසියේ වාසිය දිනාගත් මහනුවර ෆෝල්කන්ස් පිලේ නායක වනිඳු හසරංග පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.


මහනුවර ෆෝල්කන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ට 160 යි
(පැතුම් නිස්සංක 15, ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 35, කමිඳු මෙන්ඩිස් 11, අශේන් බණ්ඩාර 24, ෆේබියන් ඇලන් 47, චාමික කරුණාරත්න 18, දුනිත් වෙල්ලාලගේ 07/2, ඩිල්ෂාන් මධුශංක 41/2, වකාර් සල්මකීල් 40/2, ජේම්ස් ෆුලර් 28/2)

යාපනය කිංග්ස් - ඕවර 20  කදී කඩුලු 9 ට 150 යි
(අවිශ්ක ප්‍රනාන්දු 33, සධීර සමරවික්‍රම 48, ජේම්ස් ෆුලර් 16, විජයකාන්ත් වියස්කාන්ත් නොදැවවී 10, කාලෝස් බ්‍රැත්වෙයිට් 18/4, වනිඳු හසරංග 21/2)

- 213


අදහස් (0)

ෆේබියන් - බ්‍රැත්වෙයිට් - වනිඳු මහනුවර දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.