Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆවුසුල් පෙරමුණ ගනී

ෆවුසුල් පෙරමුණ ගනී

editorial - 2021 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පරිගණක තිරය ඔස්සේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේ වටාපිටාව දකිමින් පැවැති ෆෝමියුලා- 1 කාණ්ඩයේ විද්යුත් මෝටර් රථ (ඊ-රේසිං) තරගයේදී ෆවුසුල් අලීම් විනාඩි 38 තත්ත්පර 33.612 කින් තරගය නිමකරමින් පළමු ස්ථානය හිමිකර ගත්තේය.

තරගයේ ආරම්භය උණුසුම් වූ අතර ෆවුසුල් පරයමින් පෙරමුණ ගැනීමට රසිත අලුත්ගේ සමත් වූයේය. තරගකරුවන් එකිනෙකා පරයා ඉදිරියට පැමිණීමට ගත් උත්සාහයේදී අනතුරු බහුළ විය.

පෙර අත්දැකීම් නොමැති වූ සිල්වර්ස්ටෝන් ධාවන පථයේ පවතින වංගු මෙන්ම සැලසුම් නැති ධාවන රටාවන්ට අනුගත වීම හේතුවෙන් රථ පාලනය කරගත නොහැකි වීම මෙම අනතුරු වලට හේතු විය.

අනතුරු අවදානම පහළ යාමත් සමගින් පළමු තරගකරුවන් පස්දෙනා අතර තියුණු සටනක් ආරම්භ විය. ඒ වන විට සිව්වැනි ස්ථානයේ සිටි ෆවුසුල් දෙවැනි ස්ථානය අත්කරගත්තේය. පසුව ඔහුටම ආවේණික රිය පැදවීමේ රටාවත් සමගින් පෙරමුණ අත්කර ගත්තේය. තරගයේ නිමාව වන විට රසිත අලුත්ගේ දෙවැනි ස්ථානයට පත්ව සිටියේය. එහෙත් තත්ත්පර 10 ක දඬුවමක් හේතුවෙන් රසිතට හිමිව තිබූ දෙවැනි ස්ථානය චලිත දිහාර විසින් අත්කර ගන්නා ලදි.


 
- 213

 


අදහස් (0)

ෆවුසුල් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.