Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
පිතිකරුවන්ගේ දස්කම් හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ පළමු තරගය පළමු දිනට නතර කරන විට මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 4 ක් දැවී ලකුණු 373 ක් ලබා සිටියේය.
සාර්ථක ආරම්භයක් ලබාගත් ළහිරු උදාර සහ ලසිත් කෘස්පුල්ලේ පළමු කඩුල්ල සඳහා ලකුණු 169 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ ගෙන යාමට සමත්වූහ. ඔවුන් දෙදෙනා දක්ෂ පිතිහරඹයක නිරත වුවද ඉතා අවාසනාවන් ලෙස ශතකය පෙනි පෙනී දැවී ගියහ.
පන්දු 126 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ළහිරු උදාර හතරේ පහර 16 ක් සමගින් ලකුණු 92 ක් ලබාගත් අතර ලසිත් කෘස්පුල්ලේ පන්දු 107 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 93 ක් ලබාගත්තේය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින කමිඳු මෙන්ඩිස් පන්දු 138 කට මුහුණදෙමින් හතරේ පහර 11 ක් සමගින් ලකුණු 90 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේය. හතරේ පහර 5 ක් සමග ලකුණු 58 ක් ලබාගනිමින් අද දිනයේ අවසන් කඩුල්ල ලෙස දැවී ගිය කසුන් විදුර සිව්වැනි කඩුල්ල සඳහා කමිඳු මෙන්ඩිස් සමගින් එක්ව ලකුණු 121 ක සම්බන්ධතාවක් ද ගොඩනැගීය.
ගාල්ල පිලේ නායක ධනංජය ලක්ෂාන් පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගත්තද සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට අපොහොසත් විය. චානක රුවන්සිර කඩුලු 2 ක් ද, නිමේෂ් විමුක්ති සහ සංගීත් කුරේ කඩුල්ල බැගින්ද දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනූ මහනුවර පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මහනුවර පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 373
(ළහිරු උදාර 92, ලසිත් කෘස්පුල්ලේ 93, ඕෂද ප්‍රනාන්දු 35, කමිඳු මෙන්ඩිස් නොදැවී 90, කසුන් විදුර 58, චානක රුවන්සිරි 75/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.