Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර, පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී හෙට (10 වැනිදා) පැවැත්වීමට නියමිත පස්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයේ පුහුණුවීම් අතරතුර රංගන හේරත් තුවාල ලබා තිබේ.
ඒ අනුව හෙට පැවැත්වෙන තරගයට රංගන හේරත් කී‍්‍රඩා නොකරන අතර වැඩිදුර ප‍්‍රතිකාර ලාබාගැනීම සහ විවේක ගැනීම සඳහා ඔහුව සංචිතයෙන් ඉවත් කර කොළඹ එවා තිබේ.
රංගනගෙන් හිස්වන ස්ථානය සඳහා සචිත‍්‍ර සේනානායක සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
පන්දුව දමාගසන බවට චෝදනා ලැබ සිටි සචිත‍්‍ර, අන්තර් ජාතික කි‍්‍රකට් සභාව මගින් කළ පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නිවැරදි බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව අද (9 වැනිදා) නිවේදනය කළේය.
කෙසේ වුවත් සචිත‍්‍ර සේනානායක, තරගාවලියේ ඉතිරි තරග 3 සඳහා කී‍්‍රඩා කරනවාද නැද්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව වාර්තා වී නොමැත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.