Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හෙට්මයර් - චාහල් රාජස්තාන් පිල දිනවති
අයි.පී.එල්. - 2022

හෙට්මයර් - චාහල් රාජස්තාන් පිල දිනවති

editorial - 2022 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශිම්රන් හෙට්මයර්ගේ (නොදැවී 59) වේගවත් පිතිහරඹයත් යුස්වේන්ද්‍ර චාහල්ගේ (41/4) පන්දු යැවීමත්  හමුවේ ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට එරෙහිව මුම්බායිහිදී අද (10 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 20 වැනි තරගය ලකුණු 3 කින් ජය ගැනීමට රාජස්තාන් රෝයල්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 162 ක් පමණි.

පසුපෙළ පිතිකරුවන් වූ කෘනාල් පාණ්ඩ්‍යා පන්දු 15 කදී ලකුණු 22 ක් ද, මාකස් ස්ටොයිනිස් පන්දු 17 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 38 ක් සහ දුෂ්මන්ත චමීර පන්දු 7 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 13 ක් ලබාගත්තද ලක්නව් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් වූහ. කුයින්ටන් ඩි'කොක් ලකුණු 38 ක් සහ දීපක් හූඩා ලකුණු 25 ක් ලබාගැනීමට සමත්වූහ.

පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වුවද අවශ්‍යම කඩුලු 4 ක් දවාගනිමින් රාජස්තාන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට යුස්වේන්ද්‍ර චාහල් සමත්විය. තරගයේ දක්ෂතම වීරයාට හිමි සම්මානයද ඔහුට හිමිවිය.

කාසියේ වාසිය දිනූ ලක්නව් සුපර් ජයන්ට්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 67 කට කඩුලු 4 ක් දැවී තිබියදී 5 වැනි කඩුල්ල සඳහා පන්දු 51 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනගමින් රාජස්තාන් රෝයල්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට ශිම්රන් හෙට්මයර් සහ රවිචන්ද්‍රන් අශ්වින් සමත්වූහ.

ලකුණු 28 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටි රවිචන්ද්‍රන් අශ්වින් එක්වරම පිටියෙන් ඉවත්ව ගියේය. ඒ අනුව විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ දැවීයාමකට හෝ ආබාධයකට ලක්නොවී පිටියෙන් ඉවත්වූ පළමු පිතිකරුවා බවට අශ්වින් වාර්තා පොත් අතරට එක්විය.

ශිම්රන් හෙට්මයර් පන්දු 36 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 59 ක් ලබාගත් අතර රවිචන්ද්‍රන් අශ්වින් පන්දු 23 කදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 28 ක් ලබාගැනීමට සමත්විය. ආරම්භක පිතිකරු දෙව්දූත් පඩික්කාල් ලකුණු 29 ක් ලබාගත්තේය.

ජේසන් හෝල්ඩර් සහ ක්‍රිෂ්නප්පා ගෞතම් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූ අතර අවේෂ් ඛාන් එක් කඩුල්ලක් ලබාගත්තේය. දුෂ්මන්ත චමීර අද තරගයට එක්වූ අතර ඕවර 4 ක් තුළ ලකුණු 22 ක් ලබාදුන් ඔහුට කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් හිමිනොවීය.

 

රාජස්තාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 165
(දෙව්දූත් පඩික්කල් 29, ශිම්රන් හෙට්මයර් නොදැවී 59, රවිචන්ද්‍රන් අශ්වින් 28, ජේසන් හෝල්ඩර් 50/2, ක්‍රිෂ්නප්පා ගෞතම් 30/2)

ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 162

(කුයින්ටන් ඩි'කොක් 39, දීපක් හූඩා 25, කෘනාල් පාණ්ඩ්‍යා 22, මාකස් ස්ටොයිනිස් නොදැවී 38, යුස්වේන්ද්‍ර චාහාල් 41/4, ට්‍රෙන්ට් බෝල්ට් 30/2)


අදහස් (0)

හෙට්මයර් - චාහල් රාජස්තාන් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.