Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හෙට 3.00 න් පසු කාලය වෙන්කරගන්න

හෙට 3.00 න් පසු කාලය වෙන්කරගන්න

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලොව සුප‍්‍රකට රූපවාහිනී සේවාවක් වන සී. එන්. එන් රූපවාහිනී සේවයේ නොවැම්බර් මාසයේ ‘ටෝක් ඒෂියා’ වැඩසටහන සඳහා ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර සහභාගි වෙයි. මෙම වැඩසටහන හෙට (20 වැනිදා) පස්වරු 3.00 ට සී. එන්. එන්. රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කෙරේ.

ඇනා කොරෙන් විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහනේදී සංගක්කාර තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැනද කරුණු හෙළිදරව් කරයි.

දශක තුනක කාලයක් තිස්සේ ශී‍්‍ර ලාංකීය ජනතාව පීඩාවට පත්කළ යුද්ධය පිළිබඳවද එහිදී අදහස් පළකරන සංගක්කාර එම යුද්ධය වෙනුවෙන් බොහෝ දෙනෙකුට සිය ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවූ ආකාරය ගැනත් යුද්ධයේ අමිහිරි හැඟුම් යටපත් කිරීමට ක‍්‍රිකට් ක‍්‍රීඩාව විසින් ඉටුකරන ලද කාර්යභාරය පිළිබඳවත් සිහිපත් කරයි.

සිය ක‍්‍රිකට් දිවියේ මිහිරි හා අමිහිරි මතක ගැනද අදහස් දක්වන සංගක්කාර, අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා ලෙස නම්කරනු ලැබීම ගැන මෙන්ම ශ‍්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නගරයේදී මුහුණදීමට සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය ගැනත්, පිටපිට ලෝක කුසලාන අවසන් තරග දෙකකදී අවාසනාවන්ත ලෙස ඔස්ටේ‍්‍රලියාවට සහ ඉන්දියාවට පරාජය වීමට සිදුවීම ගැනත් අදහස් දක්වයි.

2015 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව තබා ඇති විශාල බලාපොරොත්තු ගැනද අදහස් පළකරන හිටපු ශී‍්‍ර ලංකා නායකයා, අවසාන වශයෙන් ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තමන් සතුව ඇති සැලසුම් හෙළි කිරීමටද අමතක නොකරයි.

හෙට සවස 3.00 ට මෙම වැඩසටහන නැරඹීමට අතපසු වන රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන් වෙනුවෙන් එහි නැවත විකාශ කිහිපයක්ම සැලසුම් කර තිබේ.


නැවත විකාශන වේලාවන් පහත දැක්වේ.

නොවැම්බර් 20 - පස්වරු 3.00
නොවැම්බර් 21 - පෙරවරු 10.00
නොවැම්බර් 22 - පෙරවරු 11.00 සහ රාත‍්‍රී 10.00
නොවැම්බර් 29 - පස්වරු 6.00
නොවැම්බර් 30 - පෙරවරු 11.00
දෙසැම්බර් 01 - පෙරවරු 9.30

 


අදහස් (0)

හෙට 3.00 න් පසු කාලය වෙන්කරගන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.