Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන පළමු කණ්ඩායම තෝරා ගන්නා තරගය මහනුවර ෆොල්කන්ස් කණ්ඩායම සහ යාපනය කිංග්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (21 වැනිදා) පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.
මින් පෙර පැවැති එල්.පී.එල්. තරගාවලි දෙකේදීම ශූරයන් බවට පත් වූ යාපනය කණ්ඩායම, මෙවර තරගාවලියේදී මහනුවර කණ්ඩායමට එරෙහිව තරග වැදුණ අවස්ථා දෙකේදීම පරාජයට පත්විය. එබැවින් මහනුවර කණ්ඩායම හමුවේ පිට පිටම තෙවැනි වරටත් පරාජය නොවී සිටීමේ අභියෝගයකට යාපනය කණ්ඩායම මෙම තරගයේදී මුහුණදී සිටියි.
මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ඍජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා අතර පරාජය වන කණ්ඩායමට අවසන් තරගයට පිවිසීම සඳහා තවත් අවස්ථාවක් හිමිවනු ඇත. ඒ සඳහා ඔවුන් කොළඹ ස්ටාර්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් අතර තරගයේ ජයග්‍රාහකයන් සමග තරග වැදී ජය ලැබිය යුතුය. කොළඹ ස්ටාර්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් අතර හෙට පස්වරු 7.30 ට ආරම්භ වේ.
පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම සහ පිළිමළුන් පිටුදැකීමේ තරගයෙන් ජය ලබන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය 22 වැනිදා රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය. එම තරගයෙන් ජය ලබන කණ්ඩායම, පළමු සුදුසුකම් ලැබීමේ තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව 23 වැනිදා රාත්‍රී 7.30 ට අවසන් මහ තරගයේදී තරග බිමට පිවිසෙනු ඇත.
මූලික වටයේදී සහභාගි වූ තරග 8 න් 7 ක් ජයගෙන ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයට පිවිසියේය. යාපනය කණ්ඩායම එම තරගයට පිවිසියේ මූලික වටයේදී සහභාගි වූ තරග 8 න් 6 ක් ජයගෙන ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වෙමිනි.
මූලික වටයේදී පිළිවෙලින් ජයග්‍රහණ 3 ක් සහ 2 ක් ලබාගත් කොළඹ සහ ගාල්ල කණ්ඩායම් ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වෙමින් පිළිමළුන් පිටුදැකීමේ තරගයේදී තරග වැදීම සඳහා අවස්ථාව උදාකර ගත්තේය. ලකුණු සටහනේ පළමු ස්ථාන 4 අතරට එක්වීමට නොහැකි වීම හේතුවෙන් දඹුල්ල අවුරා කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් නොළබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
තරග 8 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 268 ක් ලබාගත් යාපනය කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවේ. ඔහුට වඩා ලකුණු 4 ක් පමණක් පසුපසින් සිටින මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇන්ඩි්‍ර ෆ්ලෙචර්, එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ තරග 7 කදී ශතකයක් සමග ලකුණු 264 ක් ලබාගනිමිනි.
මහනුවර කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කාර්ලෝස් බ්‍රැත්වේට් තරග 6 කදී කඩුලු 15 ක් දවාගනිමින් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. යාපනය කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු සහ ජේම්ස් ෆුලර්ද, මහනුවර කණ්ඩායමේ ෆේබියන් ඇලන් සහ නායක වනිඳු හසරංගද කඩුලු 10 බැගින් දවාගෙන වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පළමු ක්‍රීඩකයන් 5 දෙනා අතර රැදී සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.