Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ සෙනසුරාදා (11 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 36-35 ක තියුණු ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.
තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 19-06 ක් ලෙස පෙරමුණ ගැනීමට හැව්ලොක් ක්‍රීඩකයෝ සමත් වුවත්, දෙවැනි අර්ධයේදී අළු ගසා නැඟිටි ගුවන් හමුදා ක්‍රීඩකයෝ, ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වෙමින් ලකුණු 29 ක් රැස්කිරීමට සමත් වූහ. එහිදී හැව්ලොක් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 17 ක් පමණි.
පළමු අර්ධයේදී හැව්ලොක් කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ අතර ගුවන් හමුදාව ලකුණු රැස්කළේ දඬුවම් පහර 2 ක් සමගිනි. ගුවන් හමුදාව වෙනුවෙන් නුවන් පෙරේරා 4 වැනි විනාඩියේදී සහ 31 වැනි විනාඩියේදී එම දඬුවම් පහර දෙක සාර්ථක කරගත්තේය.
පළමු අර්ධයේදී හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් ෂේන් ඩයස් (8 වැනි විනාඩියේදී), මිතුන් හපුගොඩ (22 වැනි විනාඩියේදී) සහ දිනූප සෙනෙවිරත්න (36 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් දෙකක ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට සන්දේෂ් ජයවික්‍රම සමත් විය.
දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක්, දඬුවම් උත්සාහක දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කිරීමට ගුවන් හමුදාව සමත් වෙද්දී, හැව්ලොක් කණ්ඩායමට ලකුණු ලබාගත හැකි වූයේ ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් පමණි. 48 වැනි විනාඩියේදී රන්දිත වර්ණපුර සහ 70 වැනි විනාඩියේදී අස්මීර් ෆාජුඩීන් එම උත්සාහක දිනුම් ලබාගත් අතර ඒවාහි ප්‍රවර්ථනයන් මෙන්ම දඬුවම් පහරද සාර්ථක කරගනු ලැබුවේ සන්දේෂ් ජයවික්‍රම විසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.