Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හසන් - අහමඩ් බංග්ලාදේශයට ජය ගෙනෙති
කොදෙව් - බංග්ලාදේශ 2වැනි එක්දින තරගය

හසන් - අහමඩ් බංග්ලාදේශයට ජය ගෙනෙති

editorial - 2022 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගයානාහිදී ඊයේ (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කළ බංග්ල‍ාදේශ කණ්ඩායම, තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඕවර 20.4 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ නායක ටමීම් ඉක්බාල් පන්දු 62 කදී හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

නජ්මුල් හොසේන් (20) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටමීම්, ඉන්‍ නොනැවතී ලිටන් දාස් (නොදැවී 32) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඕවර 35 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණුු 108 ක් පමණි. කෙදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කීමෝ පෝල් පන්දු 24 කින් නොදැවී ලකුණුු 25 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

පිට දඟ පන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් නිලකුණු ඕවරයක් සමග ඕවර 8 ක් යවා ලකුණු 29 කට කඩුලු 4 ක්ද, වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක නසුම් අහමඩ් නිලකුණු ඕවර 4 ක් සමග ඕවර 10 ක් යවා ලකුණු 19 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් කොදෙව් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පෙරමුණ ගත්හ.


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 35 කදී සියලු දෙනා දැවී 108
(ශායි හෝප් 18, කයිල් මේයර්ස් 17, කීමෝ පෝල් නොදැවී 25, මෙහෙදි හසන් 29/4, නසුම් අහමඩ් 19/3)

බංග්ලාදේශය - ඕවර 20.4 කදී කඩුල්ලක් දැවී 112
(ටමීම් ඉක්බාල් නොදැවී 50, නජ්මුල් හොසේන් 20, ලිටන් දාස් නොදැවී 32)

-036


අදහස් (0)

හසන් - අහමඩ් බංග්ලාදේශයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.