ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය සම්බන්ධයෙන් ඇතිවූ හදිසි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා කඩිමුඩියේ ගත් තීරණ කිහිපයක් හේතුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළම නිලධාරීන් අතර පවතින විරසකය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබෙන බව වාර්තා වේ. එවන් තත්ත්වයක් මත ඔවුන්ගේ සමීපතමයන් දෙදෙනා පොරයට දමා අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට මාන බලමින් සිටින බවද වාර්තාවේ.
කි‍්‍රකට් ආයතනයේ ඉහළම නිලධාරීන් දෙදෙනකු අතර කලක පටන් තිබූ නොරිස්සුම් සහගත තත්ත්වය මෑතක සිට උත්සන්න වී ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අයෙක් කි‍්‍රකට් ආයතනය හැරයාමට සූදානම් වන බවද උසස් නිලධාරීහුම කියති.
මේ පිළිබඳව දැනගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මෙම ප‍්‍රශ්නයට මැදිහත් වී ඇති බවත් දැනගන්නට තිබේ. කොළඹ ප‍්‍රධාන පෙළේ විහාරස්ථානයක් මුල්කරගනිමින් පැවැත්වීමට නියමිත වෙසක් උත්සවය පිළිබඳ සාකච්ඡවකට සහභාගි වූ ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් දෙදෙනාම පසෙකට කැඳවා මැදහත් සිතින් කටයුතු කරන ලෙස දෙදෙනාටම උපදෙස් දුන් බවත් වාර්තා වේ.
කලක පටන් සීතල යුද්ධයක්ව තිබූ තත්ත්වය කරළියට පැමිණියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් මාවන් අතපත්තු මහතා පත්කිරීමත් සමගය.
”මාවන් අතපත්තුගේ පත්කිරීම අපි දැනගත්තේ එස්. එම්. එස්. පණිවුඩයකින්. එහෙම එස්. එම්. එස්. පණිවුඩයකින් දැනගත්ත දේටම තමයි ඊළග විධායක කමිටු රැස්වීමේදී අපේ අනුමැතිය ඉල්ලන්නේ”
”මේක හරිම විහිළුවක්” යයි විධායක කමිටුවේ නිලධාරියෙක් ලංකාදීපට පැවසීය.
මේ අතර විධායක කමිටුවේම තවත් පාර්ශ්වයක් පවසන්නේ අවස්ථානුකූලව හදිසි තීරණ ගැනීමට තමන්ට සිදුවන බවත් එම අවස්ථාවට මුහුණ දෙන කිහිප දෙනා විසින් ගනු ලබන තීරණය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ උන්නතිය වෙනුවෙන් ගනු ලබන තීරණයක් මිස කිසිදු ලාභ ප‍්‍රයෝජනයක් අපේක්‍ෂාවන් ගනු ලබන තීරණයක් නොවන බවත්ය.
”ධම්මික ප‍්‍රසාද් අයර්ලන්තයට යැවීමත් ඒ වගේ තීරණයක්”
”තිසර පෙරේරාට තිබුණු වීසා ප‍්‍රශ්නයක් නිසා ඔහුට නියමිත දිනවලදී අයර්ලන්තයට යන්න බැරිවුණා. තිසර වීසා ලබාගෙන අයර්ලන්තයට යන්න ගියා නම් ඒ වන විට තරග දෙකම ඉවරයි...ඒක ඒ වෙලාවේ හැටියට ගන්න තිබුණ හදිසි තීරණයක්” යයි තවත් විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.
එක්දින තරග දෙකකට සහභාගි වීම සඳහා අයර්ලන්තයට ගිය ගිය ධම්මික ප‍්‍රසාද් මේ වන විට අයර්ලන්තයේ සිට එංගලන්තයට ගොස් සිටියද ඔහු එක්දින සංචිතයට ඇතුළත් නොවේ. එහෙත් තේරීම් කමිටුවේ මීළග තීරණය ලැබෙන තුරු ධම්මික ප‍්‍රසාද් ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග එංගලන්තයේ රැඳෙනු ඇත.
එංගලන්තයට එරෙහිව එක්දින තරග 5 කට සහභාගි වන හෙයින් ශී‍්‍ර ලංකා සංචිතයට කී‍්‍රඩකයන් 16 දෙනකු අවශ්‍ය බව තේරීම් කමිටුව කි‍්‍රකට් ආයතනයට දන්වා තිබේ. මෙම තීරණයට විධායක කමිටු අනුමැතිය ලැබී ඇති අතර 16 වැනි කී‍්‍රඩකයා කවුරුන්ද යන්න කළ විමසීමකදී තවත් දිනයකින් හෝ දෙකකින් එය තීරණය වන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
”තේරීම් කමිටුවේ තෝරාගැනීම ධම්මික නම් ඔහු කණ්ඩායම සමග දිගටම රැඳේවි. වෙනත් කෙනෙක් නම් ධම්මික ලංකාවට ඇවිත් තෝරාගත්ත කී‍්‍රඩකයා එංගලන්තයට යාවි” යයිද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායමක් එංගලන්තයේ තරග සංචාරයක නිරත වන සෑම අවස්ථාවකදීම වේග පන්දු යවන්නන් පස්දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීම සාමාන්‍ය තත්ත්වයකි. මේ වන විට එංගලන්තයේ සිටින කී‍්‍රඩකයන් අතුරින් ලසිත් මාලිංග, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද් සහ ඇන්ජලෝ මැතිව්ස් වේග පන්දු යවන්නෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.