බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ දකුණත් පිට දග පන්දු යවන ක‍්‍රීඩක සොහාග් ගාසි පන්දුව දමා ගැසීමේ චෝදනාවට හසුවූ නවතම පන්දු යවන්නා බවට පත්ව තිබේ. පසුගිය අගෝස්තු 22 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය අතර පැවැති දෙවැනි එක්දින තරගයේදී සොහාග් ගාසි පන්දුව දමා ගසන බවට සැක කළ විනිසුරුවරු ඒ පිළිබඳ වාර්තාවක් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට යොමු කළහ.
අනතුරුව එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේදී පරීක්‍ෂණයකට මුහුණ දුන් ගාසි පන්දු යවන්නකුට අත නැවිය හැකි නීත්‍යානුකූල ප‍්‍රමාණය වන අංශක 15 ඉක්මවා අත නමමින් පන්දු යවන බවට තහවුරු වී තිබේ. ඒ අනුව ඔහුට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගවලට සහභාගි වීම නවත්වා ඇති බව බංග්ලාදේශ ක‍්‍රිකට් ප‍්‍රධානීහු පවසති.
තවමත් 23 හැවිරිදි සොහාග් ගාසි ටෙස්ට් තරගය 10කදී කඩුලූ 38 ක්ද එක්දින තරග 20 කදී කඩුලූ 22 ක්ද දවාගෙන තිබේ.
”ෂොග් ගාසි නීත්‍යානුකූල අංශක ප‍්‍රමණය ඉක්මවා පන්දුව දමා ගසන බවට බංග්ලාදේශ ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිසාමුදීන් චෞද්රි මට දැන්වූවා. ඒ අනුව ඔහුට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගවලට සහභාගි වීම තහනම් කර තිබෙනවා. නමුත් දේශීය තරගවලට සහභාගි වී ඔහුගේ නීත්‍යානුකූල පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමට අවස්ථාවදී තිබෙනවා. ඊට පසුව අපි ඔහුව යළිත් පරීක්‍ෂණයකට සහභාගි කරවල අයි.සී.සී. යට නිවැරදිභාවය තහවුරු කරගත්තායින් පසුව නැවතත් ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගවලට සහභාගි කරවීමට බලාපොරොත්තු වෙනවා” යයි බංග්ලාදේශ ක‍්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති අක්රම් ඛාන් මහතා ගාසි පිළිබඳව පවසයි.
ගතවූ මාස 12 දී පන්දුව දමා ගසන්නන් වැඩිම ගණනක් සොයා ගත් වසර ලෙස හැදින්විය හැකිය. එහිදී ඇතැම් පන්දු යවන්නන් යළිත් නීත්‍යානුකූලභාවය ඔප්පු කළ පන්දු යැවීමට පැමිණි අතර තවත් සුපිරි පන්දුයවන්නෝ කිහිපදෙනකුම තමන්ගේ පන්දු යැවීමේ නීත්‍යානුකූලභාවය ඔප්පු කිරීමට නොහැකිව ලත වෙති.
ඒ අතර ප‍්‍රධාන පන්දු යවන්නන් වන ශ‍්‍රී ලංකාවේ සචිත‍්‍ර සේනානායක, පකිස්තානයේ සයිඞ් අජ්මාල්, බටහිර ඉන්දීය කොදෙව්හි සුනිල් නරේන්, පකිස්තානයේ මොහොමඞ් හෆීස් සහ අද්නන් රසල්, සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රොස්පර් උත්සෙයා, නවසීලන්තයේ කේන් විලියම්සන්, බටහිර ඉන්දීය කොදෙව් හි මාලන් සැමුවෙල්, දකුණු අප‍්‍රිකාවේ ජොහන් බෝතා සහ සිම්බාබ්වේ කණ්ඩායමේ ග්ලෙන් ක්යුරල් සිටිති.
බටහිර ඉන්දීය පිලේ ෂේන් ෂිංලිංෆෝර්ඞ්ද පන්දුව දමාගසන්නේ යයි චෝදනාවට ලක්වූ නමුත් මේ වන විට ඔහුට නැවතත් අන්තර්ජාතික තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව දී තිබේ. එහෙත් ෂිලිංෆෝර්ඞ්ට දුස්රා පන්දුව යැවීමේ අවසරයක් නැත.
033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.