මීට වසර දෙකකට පෙර ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ දෙවැනි වටයේ දී නොම්මර එකේ කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස්ට අදහාගත නොහැකි පරාජයක් උරුම කර දීමට එවකට 20 හැවිරිදි වියෙහි පසුවූ යුවතියක් සමත්වූවාය. ඒ වෙද්දී මේ යුවතිය ප‍්‍රධාන මට්ටමේ ටෙනිස් තරගාවලියක කී‍්‍රඩා කර තිබුණේ තරග 12 කට පමණි.
මෙවර පිට පිට දෙවැනි වතාවටත් සෙරීනා විලියම්ස් ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වී සිටින්නේ පෙර කී ඒ යුවතිය සමගය.
අද පස්වරුවේ රෝලන්ඞ් ගැරෝස් හීදී අවසන් සටනට එක්වී ඇති ස්පාඤ්ඤයේ ගාර්බීන් මුගුරුසා හමුවේ සෙරීනා එදා පරාජයට පත්වූයේ ලකුණු 6-2ක් සහ 6-2ක් ලෙසිනි.
”එදා තරගයෙන් මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා” සෙරීනා අද එසේ කීවාය.
”මට පරාජය පේන්න බෑ. ඒත් එහෙම පැරදුනාම මට හිතෙන්නේ ඒක පරදින්න වටින තරගයක් කියලයි. එදා තරගය ඇත්තටම මම පරදින්න වටින තරගයක්ම වුණා” යයි සෙරීනා කීවාය.
ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණේ පසුවන සෙරීනාට වැඩිම ‘ග‍්‍රෑන්ඞ් ස්ලෑම්’ ශූරතා සංඛ්‍යාවක් දිනා ඇති ජර්මනියේ ස්ටෙෆී ග‍්‍රාෆ්ගේ ශූරතා 22 සම කිරීමට තවත් අවශ්‍යවී ඇත්තේ එකක් පමණි.
සෙරීනා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඊයේ පැවැති අවසන් පූර්ව තරගයෙන් නෙදර්ලන්තයේ කිකී බර්ටෙන්ස් ලකුණු 7-6 ක් සහ 6-4 ක් ලෙස පරාජයට පත් කරමිනි.
කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ සිවුවැනි තැන සිටින මුගුරුසා අවසන් මහා තරගයට එක්වූයේ වසර 2011 අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ ජයගත් ඕස්ටේ‍්‍රලියාවේ සමන්තා ස්ටෝසර් ලකුණු 6-2 ක් සහ 6-4 කින් පරාජයට පත් කරමිනි.
”අපි දෙන්නම ටෙනිස් කී‍්‍රඩාවේ ගෙදර වැඩ අකුරටම කරන දෙන්නෙක්” මුගුරුසා තමාටත්, සෙරීනාටත් එසේ සහතිකයක් ලියවා ගත්තාය.
”අවසන් මහා තරගයේ දී සෙරීනාගේ ආධිපත්‍ය දකින්නට ලැබෙන අවස්ථා ඕන තරම් උදාවේවි. ඒ වගේම මගේ ආධිපත්‍යයත් ඇති තරම් දකින්න ලැබේවි. මං හිතන්නේ මට පුලූවනි සෙරීනාට ඉතා හොඳ ප‍්‍රතිවාදිනියක් වෙන්න.” යයි මුගුරුසා කියන්නීය.
වසර දෙකකට කළින් මුගුරුසා හමුවේ පරාජය වූවාට පසුව සෙරීනා මේ දක්වා රෝලන්ඞ් ගැරොස් හී සහභාගි වූ තරග 13 ම ජයගත්තාය.
”ඒක අවුරුදු 250කට විතර කලින් වුණු සිද්ධියක් වගේ මට නම් ඒකේ ඒ හැටි හිතන්න තරම් දෙයක් නෑ....ඒත් මං සෙරීනාව පැරැුද්දුවා නේද කියලා මුගුරුසාගේ හිතේ තවම තියෙන එක නම් හොඳ කාරණාවක් තමයි” යයි මුගුරුසාගේ පුහුණුකරු සෑම් සුමික් කියයි.
-077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.