සුසී බේට්ස් (නොදැවී 106) සහ ඇමී සැටර්වයිටි (නොදැවී 78) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 170 ක නොබිඳුණු සම්බන්ධතාවය හේතුවෙන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බි්‍රස්ටල්හිදී අද (24 වැනිදා) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය.
ජයග්‍රහණය සදහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 37.4 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත් වූහ.
මුලු ලකුණු සංඛ්‍යාව 19 ක් වන විට නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල දවාගැනීමට චන්දිමා ගුණරත්න සමත් වුවද, පන්දු යවන්නියන් අට දෙනෙකුගේ සහය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරි කඩුලු දවාගැනීමට අවස්ථාවක් නොදෙමින් නවසීලන්ත ක්‍රීඩිකාවෝ පහසුවෙන්ම ජයග්‍රහණය සොයා ගියෝය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නිපුනි හංසිකා (31) සහ චමරි පොල්ගම්පල (49) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 102 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ අතර ඇමීලියා කේර්ගේ පන්දුවක් හමුවේ ඇනා පීටර්සන් අතට උඩපන්දුවක් දෙමින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස නිපුනි හංසිකා පිටියෙන් ඉවත් වූවාය.
හංසිකාගේ නික්ම යෑමෙන් අනතුරුව චමරි පොල්ගම්පල සමග එක්වූ චමරි අතපත්තු (53) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 130 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය. පන්දු 66 කදී වාර්තා වූ චමරි අතපත්තුගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 113 කදී වාර්තා වූ චමරි පොල්ගම්පලගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 141 ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස සොෆී ඬේවින්ගේ පන්දුවක් හමුවේ සුසී බේට්ස් අතට උඩ පන්දුවක් දෙමින් චමරි අතපත්තු දැවී ගියාය. අතපත්තුගේ දැවීයෑමෙන් පසු ලකුණු 47 ක් තුළ තවත් කඩුලු 7 ක් බිඳවැටීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය.
තරගයේ මුල් භාගයේදී ප්‍රබල තත්ත්වයක සිටියද හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන (16), කඩුලු රකින ක්‍රීඩිකා ප්‍රසාදිනී වීරක්කොඩි (5) සහ ඒෂානි ලොකුසූරිය (5) වැනි ජ්‍යෙෂ්ඨ පිතිකාරිණියන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යෑම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුවෙන්ම ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය.
ලකුණු 49 ක් ලබා සිටි චමරි පොල්ගම්පලට සිය සිවුවැනි එක්දින අර්ධ ශතකය අහිමි කළ හොලී හඞ්ල්ස්ටන්, ලකුණු 35 කට කඩුලු 5 ක් බිඳ හෙළමින් ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ සුනුවිසුණු කර දැමුවාය.
ශ්‍රී ලංකාව - ඕවර 50 කදී කඩුලු 9 කට 188
(නිපුනි හංසිකා 31, චමරි පොල්ගම්පල 49, චමරි අතපත්තු 53, ශෂිකලා සිරිවර්ධන 16, හොලී හඞ්ල්ස්ටන් 35/5)
නවසීලන්තය - ඕවර 37.4 කදී කඩුල්ලක් දැවී 189
(සුසී බේට්ස් නොදැවී 106, ඇමී සැටර්වයිටි නොදැවී 78)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.