Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුපිරි ඕවරයටත් සූදානම්

සුපිරි ඕවරයටත් සූදානම්

editorial - 2022 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද  විජේසූරිය)

ආසියානු කුසලානය දිනාගෙන සිටින නමුත් ජයග්‍රහණයේ උන්මාදයෙන් සියල්ල අමතක කළහැකි නොවේ. ලෝක කුසලාන තරගාවලියට යාමට පෙර තවත් බොහෝ දේ කළ යුතුව ඇත. එබැවින් පසුගිය සති දෙක පුරා පල්ලෙකැළේදී පුහුණුවීම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි ඕවරයටත් සූදානම් වූයේය.

වසර 2006 දක්වා ඈතට ඇදී යන ශ්‍රී ලංකාවේ විස්සයි-20 තරග ඉතිහාසයේදී ලකුණු සම වූ තරග 3 කදීම සුපිරි ඕවරයට මුහුණ දී ඇතත් ඒවායින් ජයගෙන ඇත්තේ 2012 පල්ලෙකැළේදී නවසීලන්ත පිලට එරෙහිව පැවැති තරගය පමණි. වසර 2019 මාර්තුවේදී, දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන් නුවරදී පැවැති තරගයත්, මේ වසරේදීම පෙබරවාරි 13 වැනිදා සිඩ්නි පිටියේදී පැවැති තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (30 වැනිදා) සවස පැවැති පුවත්පත් සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා කීවේ ඉලක්කයක් දීමේදී එය කොයි ආකාරයේ ඉලක්කයක් විය යුතුද යන්නත්, පන්දු යැවීමේදී ඕස්ටේ්‍රලියානු තණතීරු මත යෝකර් ආදී විවිධාකාරයේ පන්දු යවන විදියත් ගැනත් ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ අවධානයක් යොමු කළ බවයි.

“සුපිරි ඕවරය ගත්තත් එහෙමයි”

“ඒක (සුපිරි ඕවරය) වෙලාවකට මහ උමතුවක් නැත්නම් කලබගෑනියක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ වෙලාවලදි මනස ස්ථාවරව පවත්වාගනිමින් ඒ තත්ත්වයට මුහුණ දෙන ආකාරය ගැන පුහුණුවක් තියෙන්න ඕනා”

“කුසලානයක් දිනුවයි කියන්නේ ඉදිරියට යන එක නතර වීමක් නෙමේ. ඒක නිරන්තරයෙන්ම සිදුවෙමින් තියෙන දෙයක්” යයි ද පුහුණුකරු සිල්වර්වුඩ් මහතා පැවසීය.
 
විවිධ ආබාධයන්ට මුහුණ දී සිටියද, ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර දෙදෙනාම පල්ලෙකැළේ පුහුණු කඳවුරට සහභාගි වෙමින්, තම තමන්ගේ පන්දු යැවීමේ නියමිත ඕවර සංඛ්‍යාව සම්පූර්ණ කළහ. නායක දසුන් ශානක කී ආකාරයට මෙම පන්දු යවන්නෝ දෙදෙනාම ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳ සූදානමකින් මෙන්ම මනා ශාරීරික යෝග්‍යතාවකින්ද යුතුව සිටිති.

“ආසියානු කුසලාන තරගාවලිය කියන්නේ තවත් එක තරගාවලියක් විතරයි” දසුන් ශානක කීවේය.

“අපි දැන් ඒක ගැන හිත හිතා වැඩකරන්නේ නෑ. මොකද එහෙම කළොත්, අපිට ඉස්සරහට කරන්න තියෙන දේවල් අමතක වෙන්න පුළුවන්. අපේ අවධානය බිඳ වැටෙන්න පුළුවන්. ඒ විදිහට වැඩිදුර යන්න බෑ”

“අපි පුහුණු කඳවුරේදීත් කටයුතු කළේ ඒ ආකාරයෙන්. මම හිතුවා අපි ආසියානු කුසලාන දිනලා ඉන්න නිසා ක්‍රීඩකයන් තරමක ළහිල් බවක් පෙන්වයි කියලා. ඒත් ඒක එහෙම වුණේ. නෑ. හැමෝම, වෙනදට වැඩිය උවමනාවෙන් වගේම සෑහෙන උනන්දුවකින් කටයුතු කළා”

“ලෝක කුසලාන තරගාවලියේදීත් අපි කණ්ඩායමක් හැටියට සෑහෙන වෙනසක් කරන්න සූදානමින් ඉන්න කණ්ඩායමක් කියලා මම හිතනවා” යයි දසුන් ශානක වැඩිදුරටත් පැවසීය.

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (සෙනසුරාදා) රාත්‍රියේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි. ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා මෙල්බර්න් නුවර ජීලෝන්ග් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. සුදුසුකම් තෝරාගැනීමේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව (16 වැනිදා), එක්සත් අරාබි එමීර් රාජයය (18 වැනිදා) සහ නෙදර්ලන්තය (20 වැනිදා) තරග වදී...


අදහස් (0)

සුපිරි ඕවරයටත් සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.