Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
පළමු වරට සංවිධානය කරන ලද නැෂනල් සුපර් ලීග් තරගාවලියේ ශූරතාව මහනුවර කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. ගාල්ල අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී අද (10 වැනිදා) නිමාවූ තරගයේදී යාපනය පිල පළමු ඉනිමේදී පරාජය කරමින් මහනුවර කී‍්‍රඩකයෝ මෙම ශූරතාව දිනාගත්හ.
තරගයේ තුන්වැනි දිනය වූ සෙනසුරාදා (9 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට මහනුවර කණ්ඩායම ලකුණු 269 ක් ඉදිරියෙන් සිටියේය. එහෙත් අද දින උදෑසන සිටම පතිත වූ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කළ නොහැකි විය.
පමාවී තරගය ආරම්භ කළද, අද තරගයේ අවසන් දිනය මෙන්ම තීරණයක් ලබාගත හැකි සීමාවේ තරගය නොපැවති බැවින් තරගය අතහැර දැමීමට තීරක වෙන්ඩල් ලැබ්රෝයි මහතාත්, විනිසුරුවන් වූ ප‍්‍රගීත් රඹුක්වැල්ල සහ රවීන්ද්‍ර විමලසිරි යන මහත්වරුන් සමග දෙපිළේ නායකයෝ එකඟ වූහ.
සෙනසුරාදා දිනයේදී ලසිත් ඇඹුල්දෙණිය (100/4) සහ අශීන් ඩැනියෙල් (89/3) දෙදෙනා ගාල්ල තණතීරුවේදී කළ වෙහෙසකර නමුත් ධෛර්යවත් පන්දු යැවීම නිසා මහනුවර කී‍්‍රඩකයෝ ලකුණු 217 ක දැවැන්ත මුල් ඉනිමේ වාසියක් ලබාගත්හ. එදින නිමාවන විටත් මහනුවර පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 52 ක් ලබා සිටියේය.
යාපනය ඉනිමේදී යවන ලද ඕවර 89 න් ඕවර 71 ක් ම යවන ලද්දේ ඇඹුල්දෙණිය (ඕවර 39) සහ අශීන් ඩැනියෙල් (ඕවර 32.1) දෙදෙනා විසිනි. ජාතික කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටින වමත් දඟ පන්දු යවන්නාට කදිම සහයෝගයක් දුන් 21 හැවිරිදි අශීන් ඩැනියෙල් විසින් දවාගන්නා ලද පිතිකරුවන් අතර ශී‍්‍ර ලංකා හිස්වැස්ම පළඳින්නෝ දෙදෙනෙක්ම සිටියහ.
යාපනය පිලේ 8 වැනි කඩුල්ල ලකුණු 150 දී බිඳවැටුණ නමුත් නොදැවී ලකුණු 49 ක් ලබාගත් දිලූම් සුධීර, පසුපෙළ පිතිකරුවන් තනි අතින් මුවාකර ගනිමින්, අවසන් කඩුලූ 2 සඳහා ලකුණු 43 ක් එකතු කළේය. එබැවින් යාපනයේ මුලූ ලකුණු සංඛ්‍යාව 220 න් ඔබ්බට ගියේය.
මහනුවර - පළමු ඉනිම 444
යාපනය - පළමු ඉනිම 227
(නවෝද් පරණවිතාන 13, නිශාන් මධුෂ්ක 57, සධීර සමරවික‍්‍රම 15, ධනංජය ද සිල්වා 30, ගීත් කුමාර 16, ජනිත් ලියනගේ 10, දුනිත් වෙල්ලාලගේ 19, දිලූම් සුධීර නොදැවී 49, ලසිත් ඇඹුල්දෙණිය 100/4, අසිත ප‍්‍රනාන්දු 25/2, අශීන් ඩැනියෙල් 89/3)
මහනුවර - දෙවැනි ඉනිම කඩුලූ 1 ට 52
(කමිල් මිෂාර 26, කසුන් විදුර නොචදැවී 16, දිලූම් සුධීර 13/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.