අගෝස්තු මස 5 වැනිදා බ‍්‍රසිලයේ රියෝ ද ජෙනයිෙරෝ නගරයේදී ආරම්භවන 31 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා බර ඉසිලීමේ ශූර සුදේශ් පීරිස්ට හිමිව තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ මැදිහත්වීම මත සුදුසුකම් නොලත් නාම ලේඛනය යටතේ (වයිල්ඞ් කාඞ්) සුදේශ් පීරිස්ට මෙම අවස්ථාව හිමිව තිබේ.
ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ ලේකම් අජිත් තමෙල් මහතා ‘ලංකාදීපයට’ පැවසුවේ බර ඉසිලීමේ ජාතික තේරීම් කමිටුව විසින් සුදේශ්, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගිවන බර ඉසිලීමේ ක‍්‍රීඩකයා ලෙස අද දිනයේ නිල වශයෙන් නිර්දේශ කරන ලද බවයි.
ඒ පිළිබදව ජාතික ඔලිම්පික් කමිටුවට දැන්වීමට ද ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන තිබිණි. අජිත් තමෙල් මහතා පවසන්නේ ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක‍්‍රීඩකයකුට රියෝ ඔලිම්පික් වරම් හිමිකර දීම ස`දහා බර ඉසිලීමේ සම්මේලනය මෙන්ම ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ද උනන්දු වී කටයුතු කළ බවයි.
බර ඉසිලීමේ සම්මේලනය සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ දස්කම් බර ඉසිලීමේ ලෝක සම්මේලනයට ලිඛිතව දැනුම්දීමට කටයුතු කළ අතර ඒ පිළිබදව සලකා බලා රියෝ ඔලිම්පික් උළෙලේදී ශී‍්‍ර ලංකාවටත් අවස්ථාවක් දීමට ලෝක සම්මේලනය කටයුතු කර තිබේ.
කිලෝග‍්‍රෑම් 62 බර පංතියෙන් (පිරිමි) තරග වදින සුදේශ්, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ රිදී පදක්කම් ලාභියෙකි. 2014 වසරේ ස්කොට්ලන්තයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 62 බර පංතියෙන් සුදේශ් රිදී පදක්කම දිනා ගත්තේය.
2010 නව දිල්ලි පොදුරද මඩුලූ ක‍්‍රීඩා උළෙලේදී ද සුදේශ්, ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් දස්කම් දක්වා තිබේ.
සුදේශ්, ආසන්නතම ජයග‍්‍රහණය වාර්තා කළේ ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) බර ඉසිලීමේ තරගාවලියෙනි. ඔහු කිලෝග‍්‍රෑම් 62 බර පංතියේ රන් පදක්කම එහිදී දිනාගත්තේය.
රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් නම්කරන ලද කණ්ඩායමට සුදේශ් ද ඇතුළත්ව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අට දෙනෙක් නිර්දේශවී සිටිති. සුදුසුකම් නොලත් නාම ලේඛනය යටතේ ශ්‍රී ලංකා පිහිනුම් ක‍්‍රීඩකයකුට සහ ක‍්‍රීඩිකාවකට රියෝ ඔලිම්පික් වරම් හිමිවනු ඇතැයි ද වාර්තාවේ.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ජුලි මස 11 වැනිදා තෙක් පවතී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.