Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ නවතම ගොල්ෆ් ක්‍රීඩාංගණය ඊයේ (17 වැනිදා) විවෘත කරන ලදි. ශ්‍රී ලංකාවේ 8 වැනි ගොල්ෆ් ක්‍රීඩාංගණයද වන මෙම ගොල්ෆ් ක්‍රීඩාංගණය, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
නිරන්තරයෙන්ම වැඩිපුර වියදම් කරන සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් ක්‍රීඩාවක් වන ගොල්ෆ් ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකාවේ ඇති පහසුකම් පුළුල් කරමින්, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වඩාත් ඉහළ තත්ත්වයකට ගෙන ඒමේ අරමුණ ඇතිව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ගොල්ෆ් ක්‍රීඩාංගණය ඉදිකර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකව පවත්නා ගොල්ෆ් ක්‍රීඩාංගණ 8 න් ගොල්ෆ් ක්‍රීඩාංගණ 4 ක්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිපාලනය සහ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි.
කොළඹ 8, බොරැල්ලේ පිහිටි රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජ පිටිය ශ්‍රී ලංකාවේ පැරණිතම ගොල්ෆ් ක්‍රීඩාංගණය වෙයි. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම ගොල්ෆ් ක්‍රීඩාංගණය වන අතර මහනුවර දිගන ප්‍රදේශයේ (වික්ටෝරියා ජලාශයට ඉතාම ආසන්නයේ) පිහිටි වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාමත්ම අලංකාර ගොල්ෆ් ක්‍රීඩාංගණය ලෙසින් සැලකේ. හම්බන්තොට පිහිටි ෂැංග්‍රිලා ගොල්ෆ් ක්‍රීඩාංගණය අනෙක් ගොල්ෆ් ක්‍රීඩාංගණයයි.
ත්‍රිකුණාමලයේ පිහිටි ‘ඊගල්ස්’ ගොල්ෆ් පිටිය, අනුරාධපුර ගොල්ෆ් ක්‍රීඩාංගණය, කොග්ගල ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ සීගිරිය ‘සිටඩෙල්’ ගොල්ෆ් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිපාලනය මත ක්‍රියාත්මක වන ගොල්ෆ් ක්‍රීඩාංගණ වේ.
ඉලක්ක 18 කින් යුත් ශ්‍රී ලංකාවේ 6 වැනි ගොල්ෆ් ක්‍රීඩාංගණය වන සීගිරිය ‘සිටඩෙල්’ ගොල්ෆ් ක්‍රීඩාංගණය ‘අයිලන්ඩ්-ටී’ සහ ‘අයිලන්ඩ්-බේ’ යනුවෙන් කොටස් දෙකකින් සමන්විතය. එහි ‘අයිලන්ට්-ටී’ කොටසේදී ආරම්භක ස්ථානය ජලයෙන් වටවී පවතී. අයිලන්ඩ්-බේ යනු ජලයෙන් වටවූ ඉලක්ක සහිත ඒකකයයි.
සීගිරිය ‘සිටඩෙල්’ ගොල්ෆ් ක්‍රීඩාංගණය තුළ ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩා උපකරණ, නවාතැන් ගැනීමේ නිවාඩු නිකේතන සහ ආහාර පාන ආදී සියලුම පහසුකම් පවතී. ගොල්ෆ් ක්‍රීඩාවට කැමැත්තක් දක්වන ඕනෑම අයකුට මෙම ක්‍රීඩාංගණයට පිවිසීමෙන් ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදීමට අවකාශ තිබේ.
වෘත්තීමය වශයෙන් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයෝ සහ පුහුණුකරුවෝ 10 දෙනකු පමණ මේ වන විටත් ශ්‍රී ලංකාවේ සිටිති. වෘත්තීමය ගොල්ෆ් ක්‍රීඩාවේදී ජයග්‍රාහකයන්ට ඉතාමත් ඉහළ ත්‍යාග මුදල් හිමිවන අතර යුරෝපයේ හෝ ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන වෘත්තීමය ගොල්ෆ් ක්‍රීඩකයකු වසරකදී උපයා ගන්නා මුදල ඩොලර් මිලියන 150 ඉක්මවයි. එම ආදායම සම්පූර්ණයෙන්ම පාහේ ඔහුගේ දස්කම් මත රඳා පවතින්නකි.
දැන්වීම් ආදායමත් එකතු වූ කල්හි වෘත්තීමය ගොල්ෆ් ක්‍රීඩකයකුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 180 කට ආසන්න අගයක් ගනී. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5300 ඉක්මවන්නකි.
දැනට ලෝකයේ සිටින විශිෂ්ටතම ගොල්ෆ් ක්‍රීඩකයා ලෙසින් සැලකෙන ටයිගර් වුඩ්ස්ගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 89.5 කි. (රුපියල් කෝටි 2649 කි.) ඔහුගේ ආදායම් ඊට අමතරවය. ෆෝබ්ස් වාර්තා අනුව ටයිගර් වුඩ්ස්ගේ වත්කම ඩොලර් බිලියන 1.3 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.