Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සීක්කුගේ යුද හමුදාව අවසන් තරගයට ගෙන යයි
අන්තර් සමාජ ක්‍රිකට්

සීක්කුගේ යුද හමුදාව අවසන් තරගයට ගෙන යයි

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

සීක්කුගේ ප්‍රසන්න පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැක්වූ දස්කම් හේතුවෙන් අන්තර් සමාජ පළමු පෙළ සීමිත ඕවර තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට යුද හමුදා කණ්ඩායම ඊයේ (30 වැනිදා) සමත් විය.

කොළඹ එන්.සී.සී. ක්‍රීඩාගංණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව ලකුණු 123 ක දැවැන්ත ජයක් ලබමින් යුද හමුදා ක්‍රීඩකයෝ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 247 ක ඉලක්කයක් හඹාගිය ඒස් කැපිටල් කණ්ඩායමට සීක්කුගේ සහ සුමින්ද ලක්ෂාන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 27.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123 ක් පමණි.

සීක්කුගේ ලකුණු 26 කට කඩුලු 4 ක්ද, සුමින්ද ලකුණු 42 කට කඩුලු 4 ක්ද දවාගනිමින් ඒස් කැපිටල් ඉනිම සුනුවිසුණු කළහ. ඒස් කැපිටල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඕෂධ ප්‍රනාන්දු පන්දු 33 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 31 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම ඕවර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 246 ක් ලබා ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ සීක්කුගේ පන්දු 66 කින් ලකුණු 89 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

සුමින්ද ලක්ෂාන් පන්දු 51 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 33 ක්ද, මහේෂ් කුමාර පන්දු 68 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 46 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. යුද හමුදා ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.  


යුද හමුදා පිල - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 246
(අෂාන් රන්දික 19, සීක්කුගේ ප්‍රසන්න 89, සුමින්ද ලක්ෂාන් 33, මහේෂ් කුමාර 46, ප්‍රමුද් හෙට්ටිවත්ත 26/2, ලසිත් කෘස්පුල්ලේ 32/2, චානක දේවින්ද 47/2, තනුක දාබරේ 52/2)

ඒස් කැපිටල් පිල - ඕවර 27.4 කදී සියලු දෙනා දැවී 123
(ලසිත් කෘස්පුල්ලේ 23, ඕෂධ ප්‍රනාන්දු 31, සකුන ලියනගේ 19, චානක දේවින්ද නොදැවී 18, සීක්කුගේ ප්‍රසන්න 26/4, සුමින්ද ලක්ෂාන් 42/4)

 


අදහස් (0)

සීක්කුගේ යුද හමුදාව අවසන් තරගයට ගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.