Last Update  :  2025-05-02 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.එච්. ක්‍රීඩකයෝ නාවික හමුදාව පරදවති
අන්තර් සමාජ ලීග් රග්බි

සී.එච්. ක්‍රීඩකයෝ නාවික හමුදාව පරදවති

editorial - 2022 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 'නිපෝන් පේන්ට්' අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ඊයේ (16 වැනිදා) පැවැති තරගයකදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 34-20 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් විය.

කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට සී.එච්. ක්‍රීඩකයෝ ලකුණු 17-13 ක් ලෙස පෙරමුණ ගත්හ. දෙවැනි අර්ධයේදී සී.එච්. කණ්ඩායම තවත් ලකුණු 17 ක් රැස්කරද්දී, නාවික හමුදාවට ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.

එහිදී සී.එච්. පිල ගෝල දිනුම් 4 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු රැස්කළ අතර නාවික හමුදාව ලකුණු ලබා ගත්තේ ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය. තරගය තුළදී සී.එච්. පිල ක්‍රීඩක ආදේශ කිරීම් 4 ක්ද, නාවික හමුදාව ක්‍රීඩක ආදේශ කිරීම් 5 ක්ද  සිදු කළේය. සී.එච්. කණ්ඩායමේ රෝහිත රාජපක්ෂ (61 වැනි විනාඩියේදී), ධනුෂ්ක මලිත් (78 වැනි විනාඩියේදී), ප්‍රසාත් මධුසංඛ (82 වැනි විනාඩියේදී) සහ සූර්යා දොඩංගොඩ (83 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ.

ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි

- 036


අදහස් (0)

සී.එච්. ක්‍රීඩකයෝ නාවික හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.