Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ තෙවැනි සතිය යටතේ අද (30 වැනිදා) ලොන්ඩන් පෙදෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පොලිසියට එරෙහිව ලකුණු 36-19 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 12-12 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවිය. එහිදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින්ද, පොලිසිය දඬුවම් පහර 3 ක් සහ ඩ්‍රොප් ගෝලයක් මගින්ද ලකුණු ලබාගත්හ.
දෙවැනි අර්ධය තුළ පොලිසියේ ලකුණු ලබාගැනීම එක් ගෝල දිනුමකට සීමා වෙද්දී, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩකයෝ ගෝල දිනුමක්, සහ දඬුවම් පහර 6 ක් මගින් තවත් ලකුණු 26 ක් රැස්කළහ. ඒ අනුව නියමිත කාලය අවසානයේ සී.එච්. කණ්ඩායමට ලකුණු 36-19 ක ජයක් හිමි විය.
මෙම තරගයේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම වෙනුවෙන් අෂාන් ඩාර්ලින් (22 වැනි විනාඩියේදී), රවීන් ද සිල්වා (29 වැනි විනාඩියේදී) සහ රුචිර ඒකනායක (76 වැනි විනාඩියේදී) ද, පොලිසිය වෙනුවෙන් හේෂාන් තිලකරත්න (45 වැනි විනාඩියේදී) ද උත්සාහක දිනුම් ලබාගත්හ.
එහිදී තේනුක නානායක්කාර ප්‍රවර්ථන 2 ක් සහ දඬුවම් පහර 6 ක් සාර්ථක කරගනිමින් සී.එච්. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ අතර පොලිසිය වෙනුවෙන් යොහාන් පීරිස් ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 3 ක්ද, ප්‍රින්ස් චාමර ඩ්‍රොප් ගෝලයක්ද ලබාගත්තේය.
සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ රුචිර ඒකානායක සහ මොහාන් චතුර පිළිවෙලින් තරගයේ 52 වැනි සහ 84 වැනි විනාඩිවලදීද, පොලිසියේ මොහාන් විමලරත්න 80 වැනි විනාඩියේදීද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ.
ඡායාරූප - කුෂාන් පතිරාජ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.