Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. - යුද හමුදා තරගය සමයි
අන්තර් සමාජ ලීග් රග්බි

සී.ආර්. - යුද හමුදා තරගය සමයි

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල සහ යුද හමුදාව අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති සමාරම්භක තරගය ලකුණු 16-16 ක් ලෙස ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 16-06 ක් ලෙස පෙරමුණ ගැනීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ. එහෙත් දෙවැනි අර්ධය පුරා සිය අණසක පැතිරවූ යුද හමුදා ක්‍රීඩකයෝ නියමිත කාලය අවසන් වන විට දෙපිලේම ලකුණු සම තත්ත්වයට පත් කළහ.

පළමු අර්ධයේදී සී.ආර්. කණ්ඩායම උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් සමග ලකුණු රැස්කළ අතර යුද හමුදා කණ්ඩායම එහිදී ලකුණු රැස්කළේ දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් සමගිනි.

දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් 2 ක් වාර්තා කිරීමට යුද හමුදා ක්‍රීඩකයන් සමත් වුවද, එම උත්සාහක දිනුම් දෙකේ ප්‍රවර්ථනයන්ගෙන් එකක් හෝ අවසන් විනාඩියේදී හිමිවූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට අපොහොසත් වීම නිසා තරගයේ ජයග්‍රහණය ඔවුන්ගෙන් ගිළිහී ගියේය.

කාංචන රාමනායක සහ සුපුන් වර්ණකුලසූරිය පළමු අර්ධයේදී සී.ආර්. කණ්ඩායම උත්සාහක දිනුම් වාර්තා කළ අතර තිරුෂ අධිකාරම් සහ චාලික සඳරුවන් දෙවැනි අර්ධයේදී යුද හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් වාර්තා කළහ.

 


අදහස් (0)

සී.ආර්. - යුද හමුදා තරගය සමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.