
ප්‍රංශ පාපැදි සවාරියේ සිවුවැනි අදියර ජයගැනීමට බ්‍රිතාන්‍යයේ මාර්ක් කැවෙන්ඩිෂ් ඊයේ (29 වැනිදා) සමත් විය. රෙඩන් නගරයේ සිටි ෆුජර්ස්හිදී නගරය දක්වා කිලෝ මීටර් 150.4 කින් සමන්විත වූ එම අදියර නිමා කිරීම සඳහා මාක් කැවෙන්ඩිෂ්ට ගත වූ කාලය පැය 3 යි, විනාඩි 20 යි, තත්ත්පර 17 කි.
කැවෙන්ඩිෂ් සමග එක පොකුරේ පැමිණ තරගය නිමා කළ ප්‍රංශයේ නේසර් බුහානි සහ බෙල්ජියමේ ජැස්පර් පිලිප්සන් පිළිවෙලින් සිවුවැනි අදියරේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වූයේ කැවෙන්ඩිෂ්ගේ තරග නිමි කාලයම වාර්තා කරමිනි.
මේ වන විට 36 වැනි වියේ පසුවන කැවෙන්ඩිෂ් ප්‍රංශ පාපැදි සවාරියක අදියරක් ජයගත් 31 වැනි අවස්ථාව මෙයයි. ඔහු ඊට හිමිකම් කීවේ වසර 5 කට පසුව වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. අවසන් වරට ඔහු ප්‍රංශ පාපැදි සවාරියේ අදියරක් ජයගෙන තිබුණේ 2016 වසරේදීය.
සිවුවැනි අදියර ජයගැනීමට කැවෙන්ඩිෂ් සමත් වුවද තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට නෙදර්ලන්තයේ මැතිව් වැන්ඩර්පෝල් සමත්ව සිටියි. මේ දක්වා පැවැති අදියර 4 නිමා කිරීම සඳහා ඔහුට පැය 16 යි, විනාඩි 19 යි තත්පර 10 ක කාලයක් ගත වී ඇත. සමස්ත තරගයේදී මැතිව්ට වඩා තත්පර 8 ක් පසුපසින් සිටින ප්‍රංශයේ ජූලියන් ඇලෆිලිප් දෙවැනි ස්ථානයේද, මැතිව්ට වඩා තත්පර 31 ක් පසුපසින් සිටින ඉක්වදෝරයේ රිචඩ් කරපාස් එහි තෙවැනි ස්ථානයේද පසුවෙති.
“මොනවා කියන්නද කියලා මට තේරෙන්නෙ නෑ. මේ මොහොතේ මෙතන ඉන්න ලැබුණ එක ගැන මම හුඟක් සතුටු වෙනවා. මම හිතුවේ නෑ මට මේ ජයග්‍රහණයට ලබාගැනීමට හැකි වේවි කියලා. මෙය මගේ කණ්ඩායමේ සියලු දෙනාම ලැබූ ජයග්‍රහණයක්.” යැයි සිව්වැනි අදියර ජයග්‍රහණයෙන් අනතුරුව කැවෙන්ඩිෂ් පැවසීය.
සිවුවැනි අදියරේ ජයග්‍රාහකයෝ
1 මාක් කැවෙන්ඩිෂ් (බ්‍රිතාන්‍යය) - පැය 3:20:17
2 නේසර් බුහානි (ප්‍රංශය) - පැය 3:20:17
3 ජැස්පර් පිලිප්සන් (බෙල්ජියම) - පැය 3:20:17
4 මයිකල් මැතිව්ස් (ඕස්ට්‍රේලියාව) - පැය 3:20:17
5 පීටර් සාගන් (ස්ලෝවැකියාව) - පැය 3:20:17
6 සීස් බෝල් (නෙදර්ලන්තය) - පැය 3:20:17
7 ක්‍රිස්ටෝෆ් ලැපෝර්ට් (ප්‍රංශය) - පැය 3:20:17
8 මැඩ්ස් පීඩර්සන් (ඩෙන්මාර්කය) - පැය 3:20:17
9 බොයිවැන් පොපෙල් (නෙදර්ලන්තය) - පැය 3:20:17
10 ඇන්ඩ්‍රි ග්‍රිපල් (ජර්මනිය) - පැය 3:20:17
සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 මැතිව් වැන්ඩර් පෝල් (නෙදර්ලන්තය) - පැය 16:19:10
2 ජූලියන් ඇලෆලීප් (ප්‍රංශය) - පැය 16:19:18
3 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 16:19:41
4 වවුට් වෑන් ඒර්ට් (බෙල්ජියම) - පැය 16:19:41
5 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 16:19:48
6 ටඩෙජ් පොගකාර් (ස්ලෝවේනියාව) - පැය 16:19:49
7 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 16:19:50
8 නයිරෝ ක්වින්ටනා (කොලොම්බියාව) - පැය 16:19:50
9 පියරේ ලැටූර් (ප්‍රංශය ) - පැය - පැය 16:19:55
10 ඩේවිඩ් ගවුඩර් (ප්‍රංශය) - පැය - පැය 16:20:02


-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.