ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය නොපැවැත්වීමට ඇසෑම් සාග් ක‍්‍රීඩා සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ. අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ නියෝගයකට අනුව සාග් පැසිපන්දු තරගාවලිය මෙලෙස අවලංගු කර ඇත.
සාග් ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය පැසිපන්දු සම්මේලනය සහ ඉන්දීය ජාතික ඔලිම්පික් කමිටුව අතර ඇති වු ගැටුම තරගාවලිය අවලංගු කිරීම දක්වා දුරදිග ගියේය.
සාග් පැසිපන්දු තරගාවලිය සංවිධානය කිරීමේ පුර්ණ අයිතිය ඉන්දීය ජාතික ඔලිම්පික් කමිටුව ලබා ගැනීම පිළිබඳව ඉන්දීය පැසිපන්දු සම්මේලනය විසින් අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයට ඒ පිළිබ`දව දන්වා යවනු ලැබිණ.
ඒ අනුව අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනය සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන සෙසු රටවල්වලට දන්වා ඇත්තේ ක‍්‍රීඩා උළෙලට සහභාගිනොවන ලෙසත්, තම සම්මේලනය සාග් පැසිපන්දු තරගාවලිය නොපිළිගන්නා බවත්ය.
අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනය විසින් සාග් පැසිපන්දු තරගාවලියට සහභාගි නොවන ලෙස ශ‍්‍රී ලංකාවටද දන්වන ලදී. තත්ත්වය එසේ තිබියදී ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා පැසිපන්දු කණ්ඩායම් දෙකම පෙබරවාරී මස 9 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර දැන් ඔවුන්ට සිදුව ඇත්තේ පෙබරවාරී මස 17 වැනිදා තෙක් ඉන්දියාවේ හෝටල් තුළ විවේක ගැනීමටය.
පිරිමි සහ කාන්තා අංශ දෙකින්ම පැසිපන්දු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 24 දෙනකු සම`ග 32 දෙනකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් ඉන්දියාවට ගොස් සිටිති.
”තරගාවලිය ආරම්භ කිරීමට තිබුණේ ඊයේ (11* දිනයෙයිි. නමුත් ආරම්භ කිරීමක් සිදුවුයේ නෑ”
”අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ නියෝගය අනුව පැසිපන්දු තරග අත්හිටුවීමට දැන් ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබෙනවා යැයි” ශ‍්‍රී ලංකා පැසිපන්දු සංගමයේ ලේකම් තක්ෂිල සර්ධ මහතා පැවසීය.
තරගාවලිය නොපැවැත්වීමෙන් දකුණු ආසියානු රටවලට සිදුවන අසාධාරණය වැළැක්වීම ස`දහා දකුණු ආසියානු රටවල් අතර පැසිපන්දු තරගාවලියක් සංවිධානය කිරීමට අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනය අපේක්ෂාවෙන් සිටින බවද තමන්ට දන්වා ඇතැයි සර්ධ මහතා පැවසීය.
දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලියට සහභාගිවීම ස`දහා ශ‍්‍රී ලංකාවට අමතරව නේපාලය, භූතානය යන රටවල් ඉන්දියාවට ගොස් ඇතැයි ද වාර්තාවේ. අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ තහනමට ලක්ව ඇති පාකිස්තාන් පැසිපන්දු කණ්ඩායමද ඒ අතර සිටින බවද වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.