Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්වීඩනය 1-0 කින් ස්ලෝවැකියාව පරදවයි

ස්වීඩනය 1-0 කින් ස්ලෝවැකියාව පරදවයි

editorial - 2021 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ ස්ලෝවැකියාවට එරෙහිව අද (18 වැනිදා) පැවැති තරගයෙන් ගෝල 1-0 ජයක් වාර්තා කිරීමට ස්වීඩනය සමත් විය.‍ තරගයේ 77 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් එමිල් ෆෝස්බර්ග් සිය කණ්ඩයම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

තරගය නිමාවීමට විනාඩි 13 ක් ඉතිරිව තිබියදී ස්වීඩන පිලේ අතිරේක ක්‍රීඩක රොබින් ක්වයිසන් බිම ඇද දමමින් ස්ලෝවැකියා පිලේ කඩුලු රකින ක්‍රීඩක මාටින් ඩබ්‍රාව්කා නිතී විරෝධී ක්‍රියාවක නිරත වීම නිසා ස්වීඩනයට එම දඬුවම් පහර හිමිවිය.

මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 4 ක් ලබා ‘ඊ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ස්වීඩනයට හැකි වුවද, මින් පෙර ස්පාඤ්ඤයට එරෙහිව ක්‍රීඩා කළ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබීම නිසා ඔවුන්ට 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා මූලික වටයේ මීලඟ තරගය තෙක් බලා සිටීමට සිදුවිය.

මූලික වටය යටතේ ස්වීඩනට සහභාගිවන මීලඟ තරගය ලබන 23 වැනිදා පෝලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය. එම තරග‍ය ජය ගැනීමට සමත් වුවහොත් ස්වීඩනයට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට හැකි වනු ඇත.

පෝලන්තයට එරෙහිව පැවැති තරගය ජයගත්තද, ස්වීඩනය හමුවේ පරාජයට පත්වීම නිසා ස්ලෝවැකියාවට ‘ඊ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටීමට සිදුව තිබේ. එහෙත් ඔවුන්ටද 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් පවතින අතර ඒ සඳහා ඔවුන් 23 වැනිදා ස්පාඤ්ඤයට එරෙහිව පැවැත්වෙන ජයගත යුතුව තිබේ.

යම් හෙයකින් එම තරගයේදී ස්ලෝවැකියාව පරාජය කිරීමට ස්පාඤ්ඤය සමත් වන්නේ නම් ‘ඊ’ කාණ්ඩය නියෝජනය කරමින් ස්වීඩනය සමග ස්පාඤ්ඤය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනු ඇත.

-036


අදහස් (0)

ස්වීඩනය 1-0 කින් ස්ලෝවැකියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.