Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්ලිෆර්ඞ් කුසලාන 87 වැනි බොක්සිං තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව තමන්සතු කරගැනීමට රන් පදක්කම් 5 ක් දිනාගත් ස්ලිම්ලයින් ‘ඒ’ කණ්ඩායම සමත්විය. රන් පදක්කම් 4 ක් දිනාගත් මාස් සදර්න් ‘ඒ’ කණ්ඩායම මෙවර තරගාවලියේ කාන්තා කණ්ඩායම් ශූරතාවට හිමිකම් කීවේය.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුන ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජ ‘ඒ’ කණ්ඩායමේ මලිත් ප‍්‍රභාෂ්වර සම්මාන දිනාගත් අතර දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතියෙන් තරග වැදුන මාස් කැෂුවල් ලයින් කී‍්‍රඩා සමාජයේ නිරංජලා සේනානායක සම්මාන දිනාගත්තාය.
දක්ෂතම පරාජිතයා ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුන ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායමේ පී. ජී. මධුෂාන්ද, දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතියෙන් තරග වැදුන නාවික හමුදාවේ එස්. වී. දිල්හානිද සම්මාන හිමකරගත්හ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලි, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූටා, කැෂුවල් ලයින් වැනි කී‍්‍රඩා සමාජ නියොජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැසක් මෙම තරගාවලියට සහභාගීවූහ.
ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය දින 5 ක් පුරා කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාගාරයේදී පැවැත්විණ.
පිිරිමි තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතිය
මලිත් ප‍්‍රභාෂ්වර (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් පී. ජී. මධුෂාන් (ගුවන් හමුදා ‘ඒ’) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය
ඒ. සී. බණ්ඩාර (ගුවන් හමුදා ‘බී’* විසින් දිනේෂ් කුමාර (යුද හමුදා ‘ඒ’* පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ඩබ්. ආර්. වීරක්කොඩි (යුද හමුදා ‘ඒ’) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
පී. වී. සපරමාදු (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් අයි. පී. උදය කුමාර (ගුවන් හමුදා ‘ඒ’) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
ඞී. ආර්. විජේරත්න (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ඒ. පී. ජයලත් (යුද හමුදා ‘ඒ’) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
පී. ඞී. මධුරංග (යුද හමුදා ‘ඒ’) විසින් එන්. එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ඞී. එල්. කුමාර (නාවික හමුදා ‘ඒ’) විසින් අයි. බී. බණ්ඩාර (යුද හමුදා ‘බී’) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ජී. ඒ. ප‍්‍රනාන්දු (නාවික හමුදා ‘ඒ’) විසින් ඒ. පී. චන්ද්‍රකුමාර (යුද හමුදා ‘ඒ’) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග‍්‍රෑම් 91) බර පංතිය
බී. එන්. සම්පත් (නාවික හමුදා ‘ඒ’) විසින් ජී. පී. ජයවීර (යුද හමුදා ‘ඒ’) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 91) බර පංතිය
එල්. ටී. රත්නදිවාකර (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ඒ. ආර්. තිලකරත්න (යුද හමුදා ‘ඒ’* පරාජය කරන ලදි.
කාන්තා තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය
අනූෂා කොඩිතුවක්කු (මාස් සදර්න් ‘ඒ’) විසින් නදීජා පුෂ්පකුමාරි (තුරුලි) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතිය
ජේ. ඒ. ජයසිංහ (මාස් සදර්න් ‘ඒ’) විසින් බී. එන්. එරන්දි (මාස් සදර්න් ‘බී’) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
එම්. ඒ. කුරේ (යුනිචෙලා) විසින් එස්. වී. දිල්හානි (නාවික හමුදාව) පරාජය කරන ලදි.
ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 57) බර පංතිය
කේ. ඒ. හංසිකා (මාස් සදර්න් ‘ඒ’) විසින් කේ. ඒ. ධර්මතිලක (තුරුලි) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
වී. එල්. සඳරේඛා (මාස් සදර්න් ‘බී’) විසින් එම්. එම්. ප‍්‍රබාධි (කැෂුවල් ලයින්) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
නිරංජලා සේනානායක (කැෂුවල් ලයින්) විසින් කේ. ඒ. කෞෂල්‍යා (ගුවන් හමුදා ‘ඒ’) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ජී. එච්. ධර්මසේන (මාස් සදර්න් ‘ඒ’) විසින් ආර්. පී. විජේසිංහ (ලීනියා) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ජී ඞී. වීරරත්න (පොලිසිය) විසින් අයි. එස්. චන්ද්‍රසේකර (මාස් සදර්න් ‘ඒ’) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
පී. වී. ප‍්‍රනාන්දු (යුනිචෙලා ‘එ්’) විසින් එම්. අයි. ප‍්‍රනාන්දු (යුනිචෙලා ‘බී’) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග‍්‍රෑම් 81 ට වැඩි) බර පංතිය
ටී. එම්. වීරසිංහ (යුද හමුදා) විසින් ඞී. පී. ජයරත්න (නාවික හමුදාව) පරාජය කරන ලදි.
දක්ෂතම ක්‍රීඩකයා - මලිත් ප‍්‍රභාෂ්වර
දක්ෂතම ක්‍රීඩිකාව - නිරංජලා සේනානායක
දක්ෂතම පරාජිතයා - පී. ජී. මධුෂාන්
දක්ෂතම පරාජිකාව - එස්. වී. දිල්හානි
ජයග්‍රාහී කණ්ඩායම
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.