Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්පාඤ්ඤය - පෘතුගාලය යළිත් සමවෙයි
යුරෝපා පාපන්දු ලීගය

ස්පාඤ්ඤය - පෘතුගාලය යළිත් සමවෙයි

editorial - 2022 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූරෝපීය පාපන්දු සම්මේලනයේ සංවිධානයෙන් යූරෝපීය රටවල් අතර පැවැත්වෙන යූරෝපා පාපන්දු ලීගයේ ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර පැවැති තරගය ගෝල 1-1 ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.
 

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ස්පාඤ්ඤය සමත් විය. තරගයේ 25 වැනි විනාඩියේදී පබ්ලෝ සරබියාගේ පන්දු පිරිනැමීමක් මගින් තමා වෙත පැමිණි පන්දුව දැල තුළට යොමු කළ අල්වාරෝ මාටාසා ස්පාඤ්ඤය වෙනුවෙන් එම ගෝලය ලබාගත්තේය.

තරගය නිමාවීමට විනාඩි 8 ක් ඉතිරිව තිබියදී එනම් 82 වැනි විනාඩ්යේදී ජොආවෝ කැන්සෙලෝගේ සහායද ඇතිව රිකාඩෝ හෝර්ටා ලබාගත් ගෝලයත් සමග ගෝල 1-1 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් විය. ඉන් අනතුරුව තවත් ගෝලයක් ලබා ගැනීමට දෙපිලේම ක්‍රීඩකයෝ අසමත් වූහ.

මෙම තරගයත් සමග ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර අවසන් වරට පැවැති ජාත්‍යන්තර තරග 5 ම ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත. 2012 වසරේදී පැවැති ඉන් පළමුවැන්න පමණක් ගෝල 0-0 ක් ලෙස අවසන් වීමෙන් අනතුරුව දඬුවම් පහර 4-3 ක් ලෙස ජයගැනීමට ස්පාඤ්ඤය සමත්වී ඇත. ඉන් අනතුරුව 2018 වසරේදී ගෝල 3-3 ක් ලෙසත්, 2020 වසරේදී ගෝල 0-0 ක් ලෙසත්, 2021 වසරේදී ගෝල 1-1 ක් දෙරට අතර පැවැති තරග සම වී තිබේ.


-036


අදහස් (0)

ස්පාඤ්ඤය - පෘතුගාලය යළිත් සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.