Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේ පළමු සති දෙක අහිමි කරගත් එංගලන්ත පිලේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ඩුබායි නුවර බලා පියාසර කරමින් සිටී. ඔහුගේ අපේක්‍ෂාව ඉදිරි සති දෙකේදී රාජස්තාන් රෝයල්ස් පිල වෙනුවෙන් අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමයි.
ක්‍රයිස්ට්චර්ච් නුවර සිට ඩුබායි බලා පියාසර කරමින් තිබෙන ගුවන් යානයක බෙන් ස්ටෝක්ස් පැමිණෙමින් සිටින ඡායාරූපයක් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ට්විටර් ජාලය වෙත නිකුත් කර තිබිණ. ඔහු හෙට (ඉරිදා) රාජස්ථාන් පිලට එක්වීමට නියමිතය.
අයි.පී.එල්. තරගාවලියේ නීති රීති අනුව බෙන් ස්ටෝක්ස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දින 6 ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කළ යුතුව තිබේ. එබැවින් නිරෝධායනයෙන් පසුව, මේ මස 11 වැනිදා සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට ඇතත් දිගු කලක් විස්සයි-20 තරග වලට ක්‍රීඩා නොකළ හෙයින් එතරම් ඉක්මනින් ඔහුව පිට්ටනියට යැවීමට රාජස්තාන් පිල බලාපොරොත්තු නොවේ. මෙම තත්ත්වය අනුව ස්ටෝක්ස්ට ක්‍රීඩා කළ හැකි වන්නේ මේ මස 14 වැනිදා දිල්ලි කැපිටල්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදීය.
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙමින් තිබූ ටෙස්ට් තරගාවලිය අතරමැදදී කණ්ඩායමෙන් ඉවත් වූ බෙන් ස්ටෝක්ස් පිළිකාවකට මුහණ දෙමින් ජීවිතය හා අරගලයක යෙදී සිටින සිය පියාණන් බැලීම සඳහා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර බලා පියාසර කළේය. එම අවස්ථාවේදී තමන්ගේ හිත ක්‍රිකට් ක්‍රීඩාවේ නොතිබූ බවත් තමන්ට නිවාඩු ලබාදීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් පියවර සම්බන්ධයෙන් මහත් සේ ස්තුතිවන්ත වන බවත් බෙන් ස්ටෝක්ස් පැවසීය.
කෙසේ වෙතත් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමේ අපේක්‍ෂාවෙන් සැප්තැම්බර් මස මැදදී ස්ටෝක්ස් රතු පන්දුවෙන් ක්‍රයිස්ට්චර්ච් නුවරදී පුහුණුවීම් ආරම්භ කළේය.
“වැරදි පාටක පන්දුවක් තමයි. ඒත් පුහුණුවීම් කියන්නේ පුහුණුවීම්” යයි ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් තබමින් ස්ටෝක්ස් පැවසීය.
රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම මේ දක්වා පැවැති තරග 3 න් 2 ක් ජයගෙන තිබේ. ඔවුන්ගේ තුන් ඉරියව් ක්‍රීඩකයා වන ටොම් කරන් හමුවේ පිතිකරුවන් තරමක් වැඩියෙන් ලකුණු ලබාගත් හෙයින් කරන්ගේ ස්ථානය ස්ටෝක්ස් වෙත පිරිනැමීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.