Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ටබ්ස් පළිහ හොරණ විද්‍යාරතනයට

ස්ටබ්ස් පළිහ හොරණ විද්‍යාරතනයට

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා පාසල් බොක්සිං සංගමය, ආධුනික බොක්සිං සංගමය සමග එක්ව සංවිධානය කළ 98 වැනි සමස්ථ ලංකා අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ජයග‍්‍රාහකයන් වෙනුවෙන් පිරිනැමෙන ‘ස්ටබ්ස් පළිහ’ දිනා ගැනීමට හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය සමත් විය.


රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගනිමින් හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය මෙවර ස්ටබ්ස් පළිහට හිමිකම් කී අතර අනු ශූරතාව දිනූ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත්තේය.


මෙම තරගාවලිය පාසල් (වයස 13 ත් 14 ත් අතර), කනිෂ්ඨ (වයස 15 ත් 16 ත් අතර) සහ යොවුන් (17 ත් 18 ත් අතර) යන කාණ්ඩ 3 යටතේ තරග පැවැත්විණ.


යොවුන් කණ්ඩයේ බැන්ටම් (කි. ග‍්‍රෑ. 52-56) බර පංතියෙන් තරග වැදුණ හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලයේ ඒ. කේ. මධුරංග තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත් අතර යොවුන් කණ්ඩයේම ලයිට් ෆ්ලයි (කි. ග‍්‍රෑ. 46-49) බර පංතියෙන් තරග වැදුණ කොළඹ රාජකීය විදුහලේ යූ. එම්. නෙරංජන තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙස සම්මාන ලැබීය.


කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් 39 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ 129 ක් සහභාගී වූහ.


තරගාවලියේ ප‍්‍රතිඵල සටහන

පාසල් කාණ්ඩය (අවුරුදු 13-14)

ලයිට් ෆ්ලයි (කි. ග‍්‍රෑ. 33-35) බර පන්තිය
කේ. ජී. කපුකොටුව (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල) විසින් පී. එච්. ඩයස් (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි.

ෆ්ලයි (කි. ග‍්‍රෑ. 35-37) බර පන්තිය
එම්. අයි. අබේවික‍්‍රම (නුගවෙල මැදි විදුහල) විසින් ජී. ජිගතීෂ්වරන් (පුදුකුඩුඉරිප්පු මැදි විදුහල) පරාජය කරන ලදි.

බැන්ටම් (කි. ග‍්‍රෑ. 37-39) බර පන්තිය  
ඞී. ආර්. බණ්ඩාර (නුගවෙල මැදි විදුහල) විසින් ඞී. වී. තේනබදු (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල) පරාජය කරන ලදි.

ෆෙදර් (කි. ග‍්‍රෑ. 39-41) බර පන්තිය
එච්. ජී. අබේසේකර (පල්ලේබෝවල ජාතික පාසල) විසින් පී. කේ. විදුෂාන් (කොළඹ මහානාම විදුහල) පරාජය කරන ලදි.

ලයිට් (කි. ග‍්‍රෑ. 41-43) බර පන්තිය
එම්. ජී. රූපසිංහ (පල්ලේබෝවල ජාතික පාසල) විසින් ඒ. ඒ. අබේසිංහ (රත්නපුර සීවලී මැදි විදුහල) පරාජය කරන ලදි.

ලයිට් වෙල්ටර් (කි. ග‍්‍රෑ. 43-45) බර පන්තිය
පී. වී. හිමංජිත් (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) විසින් ඩබ්ලිව්. එම්. වීරකෝන් (කිරිබත්කුඹුර ස්වර්ණජෝති ජාතික පාසල) පරාජය කරන ලදි.


කනිෂ්ඨ කාණ්ඩය (අවු. 15-16)

ලයිට් ෆ්ලයි (කි. ග‍්‍රෑ. 44-46) බර පන්තිය
පී. ඒ. ප‍්‍රසන්න (ඉංගිරිය ගාමිණී මැදි විදුහල) විසින් පී. කේ. පියසිංහ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.

ෆ්ලයි (කි. ග‍්‍රෑ. 46-48) බර පන්තිය
එම්. එම්. අහමඞ් (කොළඹ රාජකීය විදුහල) විසින් කේ. වී. එරන්ද (ඉංගිරිය ගාමිණී මැදි විදුහල) පරාජය කරන ලදි.

බැන්ටම් (කි. ග‍්‍රෑ. 48-50) බර පන්තිය
කේ. ජී. කරුණාසිංහ (පේරාදෙණිය මැදි විදුහල) විසින් ජේ. ඒ. කවිෂාන් (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි.

ෆෙදර් (කි. ග‍්‍රෑ. 50-52) බර පන්තිය
එස්. එම්. බණ්ඩාර (පිළිමතලාව දීරානන්ද මහ විදුහල) විසින් ආර්. එස්. ද සිල්වා (පානදුර සුමංගල විදුහල) පරාජය කරන ලදි.

ලයිට් (කි. ග‍්‍රෑ. 52-54) බර පන්තිය
ආර්. එම්. රණතුංග (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් ආර්. ඒ මධුසංක (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි.


යොවුන් කාණ්ඩය (අවු. 17-18)

ලයිට් ෆ්ලයි (කි. ග‍්‍රෑ. 46-49) බර පන්තිය
ආර්. ඒ. චන්දු (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල) විසින් යූ. එම්. නෙරංජන (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.

ෆ්ලයි (කි. ග‍්‍රෑ. 49-52) බර පන්තිය
කේ. ජී. කරුණාසිංහ (පේරාදෙණිය මැදි විදුහල) විසින් එම්. ශුක්රාන් (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල) පරාජය කරන ලදි.

බැන්ටම් (කි. ග‍්‍රෑ. 52-56) බර පන්තිය
ඒ. කේ. මධුරංග (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය) විසින් ඩබ්ලිව්. එම්. ප‍්‍රනාන්දු (කොළඹ මහානාම විදුහල) පරාජය කරන ලදි.

ෆෙදර් (කි. ග‍්‍රෑ. 56-60) බර පන්තිය
ජී. ඩබ්ලිව්. මනරම් (දෙල්ගොඩ කල්‍යාණ ප‍්‍රදීප විදුහල) විසින් පී. ජී. වික‍්‍රමසිංහ (නාරම්මල මයුරපාද මැදි විදුහල) පරාජය කරන ලදි.

ලයිට් (කි. ග‍්‍රෑ. 60-64) බර පන්තිය
එච්. ඩබ්ලිව්. රත්නසිරි (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය) විසින් එච්. ඒ. හෙට්ටිආරච්චි (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි.

 

 

 

ඡායාරූප - ඒෂාන් ප‍්‍රනාන්දු

 


අදහස් (0)

ස්ටබ්ස් පළිහ හොරණ විද්‍යාරතනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.