ආරම්භක පිතිකරුවන් වූ කයිල් කොයිට්සර් සහ මැතිව් ක්‍රොස් දෙදෙනාම ශතක ලබාගැනීම නිසා ජවය ලද ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා කඩුලු 7 ක පහසු ජයක් ලබාගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී ඊයේ (21 වැනිදා) මෙම තරගය පැවැත්විණ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය (ටෙස්ට් තත්ත්වය) තවමත් අහිමි නමුත් සම සාමාජිකත්වය හිමි රටක් වන ස්කොට්ලන්ත කණ්ඩායම පූර්ණ සාමාජිකත්වය හිමි රටක කණ්ඩායමක් හමුවේ ලබාගත් පළමු වැනි ජය මෙයයි. මෙම තරගය නිල එක්දින අන්තර්ජාතික තරග අතරට ඇතුළත් නොවන්නකි.
තරගයේ නිල තත්ත්වය නොතිබුණද ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ස්කොට්ලන්ත ක්‍රීඩකයන්ට හිමිවූ ගෞරවයේ කිසිවක් අඩු නොවීය.
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර අවසන් වරට පැවැති නිල එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල විසින් ස්කොට්ලන්ත පිල ලකුණු 148 කින් පරාජය කරන ලදි. 2015 ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් වූ එම තරගය ඕස්ටේ්‍රලියාවේ හොබාර්ට් නුවරදී පැවැත්වූවකි.
ලකුණු 287 ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත පිල වෙනුවෙන් කදිම ආරම්භයක් ලබාගත් කයිල් කොයිට්සර් (118) සහ මැතිව් ක්‍රොස් (නොදැවී 106) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 201 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහත
“ඒක නියම දවසක්....හොඳට ඉර පායා තිබුණ නිසා අපි නියම ක්‍රීඩාවක යෙදුණා. විශේෂයෙන්ම ඒ ගොල්ලන්ව ලකුණු 300 ට අඩුවෙන් නවත්වාගත්ත එක ඉතාමත් වාසිදායක තත්ත්වයක් වුණා” යයි ස්කොට්ලන්ත ක්‍රිකට් වෙබ් අඩවියට කොයිට්සර් පවසා තිබිණ.
“ඒක දුර්ලභ දවසක්. හැම දේම වාසියට සිද්ධවෙනවා නම් කරන්න තියෙන්නේ දිගටම යන එකයි”
“අතීතයේ බොහෝ අවස්ථාවල අපි මානසික රාමුවක හිරවෙමින් අපට ජයගන්නට තිබුණ අවස්ථා නැතිකරගත්තා. ඒත් මෙතැන සිද්දවුණේ වෙන දෙයක්. ඔවුන්ව පසුපසට තල්ලු කරන්න තල්ලු කරන්න මේ තරගය ජයගන්න අපට පුළුවන් කියන මානසිකත්වය සිත් තුළ ගොඩනැඟුණා”
“මේ ඓතිහාසික ජයග්‍රහණය ගැන මට ඉතාමත් සතුටුයි” යයිද කොයිට්සර් පැවසීය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු පැකිළීමකින් තොරවම පන්දුවට පහර දීම තෝරාගත් අතර කුසල් පෙරේරා (57) සහ දිනේෂ් චන්දිමාල් (79) ලකුණු අතරට පිවිසියහ. හයේ පහර 4 කින් සමන්විත වූ චාමර කපුගෙදරගේ ලකුණු 71 ත් සමගින් ශ්‍රී ලංකා පිල ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් කරා යන බවක් දක්නට තිබිණ. ඉනිමේ අවසන් කොටසේදී ඇලස්ඩෙයාර් එවන්ස් සහ ස්ටුවර්ට් විටින්හැම්ගේ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 13 ක් තුළදී කඩුලු 5 ක් බිඳ වැටීම හේතුවෙන් කඩුලු 5 කට ලකුණු 274 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 287 කට දැවී ගියේය.
ඉලක්කය තරමක් දුර වූ නමුත් කොයිට්සර් සහ මැතිව් දෙදෙනාගේ සම්බන්ධතාව නිසා ස්කොට් ජාතිකයෝ අපහසුවකින් තොරව එය කරා ළඟා වූහ. තරමක් වේගවත් ලකුණු ලබාගැනීමක නිරත වූ කොයිට්සර් පන්දු 84 කින් ලබාගත් ලකුණු 18 ට හතරේ පහර 15 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් විය. තරගය අවසන් වන තුරුම සිය කඩුල්ල රැකගත් මැතිව්ගේ අපරාජිත ඉනිම හතරේ පහර 8 ක් සහ හයේ පහරකින් සමන්විත විය.
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර දෙවැනි තරගය හෙට (අඟහරුවාදා) පැවැත්වේ.
| ශ්‍රී ලංකාව | |||
| කුසල් ජනිත් පෙරේරා - ඇ. බජ් ප. ලාන්ජ් | 57 | ||
| උපුල් තරංග - ප.ඉවාන්ස් | 20 | ||
| කුසල් මෙන්ඩිස් - ඇ.ක්‍රොස් ප. වයිට්න්ග්හැමි | 1 | ||
| දිනේෂ් චන්දිමාල් - ඇ.ක්‍රොස් ප.වයිට්න්ග්හැමි | 79 | ||
| ඇන්ජලෝ මැතිවුස් - ඇ. බජ් ප. සෝල් | 15 | ||
| චාමර කපුගෙදර - ඇ. ක්‍රොස් ප. වයිට්න්ග්හැමි | 71 | ||
| අසේල ගුණරත්න - දුවද්දී දැවීයාමක් . ක්‍රොස් | 27 | ||
| තිසර පෙරේරා - ඇ. බෙරින්ග්ටන් ප.ඉවානිස් | 2 | ||
| සුරංග ලක්මාල් - ඇ. ක්‍රොස් ප.සෝල් | 1 | ||
| ලක්ෂාන් සඳකැන් - නොදැවී | 3 | ||
| නුවන් ප්‍රදීප් - ඇ.බජ් ප. ඉවාන්ස් | 1 | ||
| අතිරේක (පා-3, ව-6, නි-1) | 10 | ||
| එකතුව ඕවර 49.5 කදී සියලු දෙනා දැවී | 287 | ||
| කඩුලු වැටීම | |||
| 1-35 (තරංග),2-38(මෙන්ඩිස්),3-115 (කුසල් ජනිත් පෙරේරා),4-165(මැතිව්ස්),5-192(චන්දිමාල්),6-274(කපුගෙදර),7-280(තිසර පෙරේරා),8-282(ගුණරත්න),10-287(ප්‍රදීප්) | |||
| පන්දු යැවීම | |||
| ඇලෙස්ටෙයාර් ඉවාන්ස් | 8.5-0-62-3 | ව-1 | |
| ස්ටුවර්ට් වයිට්න්ග්හැමි | 10-0-56-3 | ව-1 | |
| ක්‍රිස් සෝල් | 9-0-64-2 | නි-1, ව-2 | |
| ඩයිලන් බ්‍රජ් | 1-0-10-0 | ව-1 | |
| මාක් වොට් | 10-0-41-0 | ||
| කොන් ඩි ලැන්ජ් | 9-1-34-1 | ||
| රිචි බෙරින්ග්ටන් | 2-0-17-0 | ||
| ස්කොට්ලන්තතය | |||
| මැතිව් ක්‍රොස් - නොදැවී | 106 | ||
| කයිල් කොට්සර් - ඇ. මැතිවිස් ප.තිසර පෙරේරා | 118 | ||
| කාලුම් මාක්ලෝඩ් - ඇ . මැතිව්ස් ප. සඳකැන් | 2 | ||
| රිචි බෙරින්ටන් - ප. මැතිව්ස් | 19 | ||
| කොන් ඩි ලැන්ජ් -නොදැවි | 19 | ||
| අතිරේක (පා-9, ව-11, නි-7) | 27 | ||
| එකතුව ඕවර 42.5 කදී කඩුලු 3 ක් දැවී | 291 | ||
| කඩුලු වැටීම | |||
| 1-201(කයිල් කොට්සර්), 2-206(කාලුම් මාක්ලෝඩ්), 3-247(බෙරින්ග්ටන්) | |||
| පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
| මාක් වොට්,ඩයිලන් බ්‍රජ්, ඇලෙක්සැන්ඩර් ඉවාන්ස්, වයිට්න්ග්හැමි,සෝල්, ක්‍රෙග් වොලස් | |||
| පන්දු යැවීම | |||
| සුරංග ලක්මාල් | 5-2-18-0 | ||
| නුවන් ප්‍රදීප් | 7-1-45-0 | නි-1 | |
| ඇන්ජලෝ මැතිවුස් | 5-0-35-1 | නි-2, ව-1 | |
| තිසර පෙරේරා | 8.5-0-65-1 | නි -1, ව-1 | |
| ලක්ෂාන් සඳකැන් | 10-0-66-1 | නි-1,ව-6 | |
| අසේල ගුණරත්න | 7-0-56-0 | නි-2,ව-1 | |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.