Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශ කණ්ඩායමේ අඳුරු කාලපරිච්ඡේදය තවත් දීර්ඝ කළ ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ සයකොන් රග්බි ශූරතාවලියේ එඩින්බරෝ නුවර මරිෆීල්ඞ් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 32-26 ක පහසු ජයක් අත්කර ගත්හ. ජයග්‍රහණ ඉඩෝරයකට මුහුණ පා සිටින ප්‍රංශය පිට පිට ලැබූ 8 වැනි පරාජය ද මෙයයි.
ෂෝන් මේට්ලන්ඞ් 13 වැනි මිනිත්තුවේදිත්, හව් ජෝන්ස් 32 වැනි මිනිත්තුවේදිත් තැබූ දැකුම්කළු උත්සාහක දිනුම් දෙකම ගෝල බවට ප්‍රවර්තනය කළ ග්‍රෙග් ලේඞ්ලෝ දඬුවම් පහර 6ක්ම සාර්ථක කරමින් ස්කොට්ලන්තයේ ජයග්‍රහණයට මාවත විවර කළේය.
තරගයේ 64 වැනි විනාඩියේදී දෙපිලම ලකුණු 26 බැගින් ලබා තරගය සම කර තිබිණ. එහෙත් ග්‍රෙග් ලේඞ්ලෝ ලබාගත් දඬුවම් පහර දෙකකින් ඉදිරියට ගිය ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ තරගයේ ජයග්‍රහණ තමන් සතුකර ගත්හ.
ප්‍රංශය 13 වතාවකදීම තරග තීරකවරයාගේ උදහසට ලක්වීම කැපී පෙනුණු අතර ඒ සෑම අවස්ථාවකදීම ස්කොට්ලන්තයට දඬුවම් පහරක් ලබාගැනීමේ අවස්ථාව උදාවිය. ඒ අවස්ථා 13 න් 6 ක්ම ලේඞ්ලෝ කදිමට පාවිච්චි කළේය. ඒ අනුව ස්කොට්ලන්තය ලැබූ සමස්ත ලකුණු ප්‍රමාණයෙන් 22 කම අයිතිකරුවා ඔහුය.
ලෙස් බ්ලූස් නමින් හඳුන්වනු ලබන ප්‍රංශ රග්බි පිල වසරකට ආසන්න කාලයක් පුරා තරගයක් දිනා නැත. ඊයේ තරගයේදී ඔවුන් ලකුණු 26 ක් ලැබුවේ ටෙඩි තෝමස්ගේ සිත්ගන්නා සුලු උත්සාහක දිනුම් දෙකක් සහ ඒවා ගෝල බවට ප්‍රවර්තනය කළ මැක්සිම් මෙචනොඞ් දඬුවම් පහර 2 කුත් සාර්ථක කරගැනීම නිසාය. මීට අමතරව බැප්ටිස්ට් සෙරිනුත් දඬුවම් පහර 2 ක් සාර්ථක කර දුන්නේය.
සයකොන් රග්බි ශූරතාවලියේ අයර්ලන්තය සමග පැවැති තරගයේදී ප්‍රංශයේ ප්‍රබලතම ෆ්ලයි හාෆ් ක්‍රීඩක මැතිව් ජලිබර්ට් ආබාධයකට ලක්වීම නිසා මේ තරගයට ක්‍රීඩා කිරිමේ අවස්ථාව මග හැරී ගිය අතර ඊයේ තරගයේදිත් ඔවුන්ගේ ෆුල් බෑක් ක්‍රීඩක මැක්සිම් මෙචනොඞ් ආබාධයකට ලක්ව පළමු භාගයෙන් පසුව ක්‍රීඩා කළේම නැත. බැප්ටිස්ට් සෙරින් ක්‍රීඩා කළේ ඒ වෙනුවටය.
මේ මස 24 වැනිදා ස්කොට්ලන්තය සිය අසල්වාසී එංගලන්තයට සත්කාරකත්වය ලබාදීමට නියමිතය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.