Last Update  :  2024-05-10 11:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සහිරා - හමීඞ් අල් හුසේනි අවසන් තරගයට

සහිරා - හමීඞ් අල් හුසේනි අවසන් තරගයට

Nisanka Sandeepani - 2018 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මරදාන සහිරා විදුහල සහ කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල සමත් විය. දෙවිදුහල් අතර තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 18 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය. 
 
ඉකුත්දා පැවැති අවසන් පූර්ව වටයේ තරගවලදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව ගෝල 4-0 ක ජයක් ලබමින් සහිරා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. පළමු අර්ධය නිමාවන විට ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටි සහිරා ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ගෝලය 3 ක් ලබාගනිමින් 4-0 ක් ලෙස තරගය නිමා කළහ. 
 
සහිරා විදුහලේ එම්. මුර්ෂිද් 40 වැනි සහ 43 වැනි මිනිත්තු වලදී ගෝල ද්විත්වයක් ලබාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. එම්.එෆ්.එම්. අකීබ් 17 වැනි මිනිත්තුවේදීද, එස්. අහමඞ් 50 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගනිමින් සහිරා විදුහල වෙනුවෙන් වාර්තා වූ ඉතිරි ගෝල දෙකට හිමිකම් කීහ. 
 
හමීඞ් අල් හුසේනි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ගෝල 4-0 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරමිනි. පළමු අර්ධය නිමාවන විට ගෝල 3-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටි හමීඞ් අල් හුසේනි ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ගෝලයක් ලබාගනිමින් 4-0 ක් ලෙස තරගය නිමා කළහ. 
 
එම්.ඒ.ජේ. රිෂාන් (9 වැනි සහ 17 වැනි මිනිත්තු වලදී) සහ එම්.එෆ්.එම්. අමන් (21 වැනි සහ 60 වැනි මිනිත්තු වලදී) හමීඞ් අල් හුසේනි විදුහල වෙනුවෙන් ගෝල ද්විත්වය බැගින් වාර්තා කිරීමට සමත් වූහ. එහිදී එම්.ඒ.ජේ. රිෂාන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. 
කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම, 11 වැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කරන අතර ඔක්ස්ෆර්ඞ් ව්‍යාපාර සමූහය එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. 
 
අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල 
 
මරදාන සහිරා විදුහල විසින් ගෝල 4-0 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරන ලදි. 
කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල විසින් ගෝල 4-0 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරන ලදි. 
 

අදහස් (0)

සහිරා - හමීඞ් අල් හුසේනි අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.