Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
සමින්ද ප්‍රනාන්දුගේ (141) ශතකයත්, නවෝද් පරණවිතානගේ (77) සහ සධීර සමරවික්‍රමගේ (58) අර්ධ ශතක හමුවේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ දෙවැනි තරගය පළමු දිනට නතර කරන විට යාපනය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 4 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටියේය.
පන්දු 241 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි සමින්ද ප්‍රනාන්දු හයේ පහරක් සහ හතරේ පහර 16 ක් සමගින් ලකුණු 141 ක් ලබාගනිමින් නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත්විය. නවෝද් පරණවිතාන හතරේ පහර 8 ක් සමගින් ලකුණු 77 ක් සහ සධීර සමරවික්‍රම හතරේ පහර 7 ක් සමගින් ලකුණු 58 ක් ලබාගැනීමට සමත්වූහ.
නවෝද් පරණවිතාන සමගින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 157 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සමින්ද ප්‍රනාන්දු ඉන් නොනැවතී තෙවැනි කඩුල්ල සඳහා සධීර සමරවික්‍රම සමගින්ද තවත් ලකුණු 115 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීය.
කොළඹ පිලේ නායක සම්මු අෂාන් පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගත්තද සාර්ථක ප්‍රිතිඵල පෙන්වීමට ඔවුන් අපොහොසත් වූහ. ළහිරු මදුශංක සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනූ යාපනය පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
යාපනය පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 311
(නවෝද් පරණවිතාන 77, සමින්ද ප්‍රනාන්දු 141, සධීර සමරවික්‍රම 58, ළහිරු මදුශංක 47/2, ප්‍රභාත් ජයසූරිය 89/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.