Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සමිතට ලෝකවාර්තාව අහිමිවෙයි
පැරලිම්පික් මලලක්‍රීඩා

සමිතට ලෝකවාර්තාව අහිමිවෙයි

editorial - 2022 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

සුගතදාස පිටියේදී අද (29) නිමාවට පත්වූ ජාතික පැරලිම්පික් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී සමිත දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසිකිරීම (පිරිමි) එක් පාදයක් අප්‍රාණික හෝ අහිමි කාණ්ඩයේ ඉසව්වෙන් මීටර 66.60 ක දක්‍ෂතාවයක් දක්වමින් එහි ලෝක වාර්තාව අභිබවා යාමට සමත් විය.

එසේ වුවත් එය පැරලිම්පික් ලෝක වාර්තා පොතට නිල වශයෙන් ඇතුළත් කර නොගැනේ. ඒ මෙම ජාතික පැරලිම්පික් මලල  ක්‍රීඩා තරගාවලිය අන්තර්ජාතික පැරලිම්පික් කමිටුව අනුමත කළ තරගාවලියක් නොවන බැවිනි.

කෙසේ වුවත් 31 හැවිරිදි සමිත දුලාන් කොඩිතුවක්කු ටෝකියෝ පැරලිම්පික් උළෙලේ මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභියා වන අතර ඒ මීටර 65.61 ක දක්ෂතාවක් දක්වමිනි.

මෙම ඉසව්වේ රිදී පදක්කම දිනාගත් ඕස්ට්‍රේලියාවේ මයිකල් බ්‍රයන් මීටර 66.29 කට එහි ලෝක වාර්තාවක් පිහිටුවමින් දැක්වූ දක්‍ෂතාව අභිබවා යාමට ඊයේ සුගතදාස පිටියේදී සමිත දුලාන් සමත්විය.

කෙසේ වුවත් එෆ් 44 – එෆ් 64 හෙවත් එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික කාණ්ඩයේ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ ලෝක වාර්තාවට නිල වශයෙන් හිමිකම් කියන්නේ සමිත දුලාන් ලෝකඩ පදක්කම හිමිකර ගත් ටෝකියෝ පැරලිම්පික් උළෙලේ එම ඉසව්වේ රන් පදක්කම මීටර 68.55 කට දිනාගත් ඉන්දීය ක්‍රීඩක සුමිත් අන්ටිල් විසිනි.

යතුරු පැදි අනතුරකින් ආබාධිතයකු වූ සමිත දුලාන් වසර 2017 සිට දේශීය පැරලිම්පික් තරග සඳහා සහභාගී වන අතර 2019 ලෝක පැරලිම්පික් මලල ක්‍රීඩා උළෙලේදී සිය ඉසව්වෙන් සිව්වැනි ස්ථානය ලබා තිබේ. 


අදහස් (0)

සමිතට ලෝකවාර්තාව අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.