Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තනි ක්‍රීඩාවක් සඳහා ලෝකයේ පැවැත්වෙන විශාලතම තරගාවලිය වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක රුසියාව, සවුදි අරාබියට එරෙහිව අද (14 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය. මෙම තරගය මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් පස්වරු 6.00 ට ආරම්භවේ.
මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 8 යටතේ කණ්ඩායම් 32 ක් සහභාගී වන අතර රුසියාවේ ප්‍රධාන නගර 11 ක් මූලික කරගනිමින් ක්‍රීඩාංගණ 12 කදී තරගාවලිය පැවැත්වේ. තරගාවලියට ඇතුළත්ව ඇති සමස්ත තරග සංඛ්‍යාව 64 කි.
අද තරගය පැවැත්වෙන ලුෂ්නිකි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් 81000 කට ආසන්න සංඛ්‍යාවකට තරග නැරඹීමේ හැකියාව පවති. ඉගෝර් අකින්ෆීව් මෙවර රුසියානු කණ්ඩායම මෙහෙයවන අතර ඔසමා හව්සාවි සවුදි අරාබි කණ්ඩායමට නායකත්වය ලබාදෙයි.
රුසියානු සංචිතය
ඉගෝර් අකින්ෆීව් (නායක), මාරියෝ ෆර්නෑන්ඩිස්, ෆෙඩෝර් කුඩි්‍රයාෂෝව්, සර්ජි ඉග්නැෂිවිච්, යූරී ශිර්කෝව්, රොමාන් සොබ්නින්, ඩැලර් කුසියේව්, ඇලන් සැගෝව්, ඇලෙක්සැන්ඩර් සැමිඩෝව්, ඇලෙක්සැන්ඩර් ගොලෝවින්, ෆෙඩෝර් ස්මොලොව්
සවුදි අරාබි සංචිතය
උසාමා හුසාවි (නායක), අබ්දුල්ලා අල් මයුෆ්, ඔමාර් හොසාවි, යසීර් අල් ශහ්රානි, මොහොමඞ් අල් බරික්, අබ්දුල්ලා ඔටිෆ්, සල්මන් අල් ෆරාජ්, යහයා අල් ෂිහාරි, ටයිසීර් අල් ජැස්සිම්, සලීම් අල් දොසාරි, ෆහඞ් අල් මොලාද්
-024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.