Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සම්ප්‍රදායික සතුරන්ගේ සටන උග්‍ර අතට
කාන්තා ලෝක කුසලාන - 2022

සම්ප්‍රදායික සතුරන්ගේ සටන උග්‍ර අතට

editorial - 2022 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඡායාරූපය - අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුග්‍රහයෙනි)

අවසන් වරට පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ (2017) අවසන් පූර්ව වටයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාව හමුවේ නොසිතූ පරාජයකට ලක්වීමෙන් පසු මෙවර නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සූදානම් වෙයි.

මෙතෙක් පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලි 11 කදී ඕස්ට්‍රේලියාව 6 වරක්, එංගලන්තය 4 වරක් සහ නවසීලන්තය එක්වරක් ශූරතාව දිනාගෙන ඇති අතර වෙනත් කිසිදු කණ්ඩායමකට එම අවස්ථාව හිමිව නැත. අළු බඳුන තරගාවලියේදී මෙන්ම කාන්තා ලෝක කුසලාන තරගාවලියේදීත් සම්ප්‍රදායික සතුරන් බවට පත්ව ඇත්තේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවයි.

2017 වසරේ ඉන්දියාව හමුවේ සිදුවූ සුළු අඩුපාඩු හේතුවෙන් අවසන් කණ්ඩායම් හතරෙන් ඉවතට විසි වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ, මෑත කාලීනව අළු බඳුන තරගාවලියේදී ලෝක ශූර එංගලන්තය පරාජය කළහ. එමෙන්ම වසර දෙකකට පෙර තම මව්බිමේදී පැවැති විස්සයි20 ලෝක කුසලානයේදී ඉන්දියානුවන් පරාජයට පත් කළේය. එහෙත් වසර පහකට පෙර එංගලන්තයේදී පැවැති ඕවර 50 තරගාවලියේදී ඔවුන්ගේ අසාර්ථක භාවය පිළිබඳ හැගීම සිකුරාදා ආරම්භ වන තරගාවලියට සූදානම්ව සිටින ක්‍රීඩිකාවන්ට තවමත් එලෙසින් දැනෙනු ඇත.

”ඔබ කරන සෑම දෙයකටම සෑම උත්සාහයක්ම නොයෙදීමේ ප්‍රතිවිපාක අපි දන්නවා” යැයි ඕස්ට්‍රේලියානු පුහුණුකරු මැතිව් මොට් මහතා ක්‍රයිස්ට්චර්ච් හිදි පැවසීය.

“අපි (2017) බොහෝ අත්හදා බැලීම් කර ඇති නමුත් මෙම තරඟාවලිය සඳහා එය භාවිතා කිරීමට අවශ්‍ය යැයි මම හිතන්නේ නෑ. එම තරඟාවලියේ සිට අපි සැබවින්ම ස්ථාවර වූ නමුත් කණ්ඩායමට එය තවත් මට්ටමකට ගෙන යාමට මෙය තවත් අවස්ථාවක් පමණයි” යයිද මැතිව් මොට් මහතා පැවසීය.

ඕස්ට්‍රේලියාව සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වන එංගලන්තයට එරෙහිව සෙනසුරාදා හැමිල්ටන්හිදී තරග වදී. එංගලන්තය සිව් වතාවක් ලෝක කුසලාන දිනූ කණ්ඩායමකි.

එංගලන්ත කණ්ඩායම නැවත වරක්, 2017 වසරේ ලෝක කුසලාන ජයග්‍රාහී නායිකා හෙදර් නයිට් විසින් මෙහෙයවනු ලබන අතර තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ ටැමී බ්යුමවුන්ට් ඇතුළුව එම සාර්ථකත්වයට හවුල් වූ ක්‍රීඩිකාවන් රැසක් කණ්ඩායමේ සිටිති. බ්යුමවුන්ට් 2019 වසරේ සිට එක්දින ලකුණු 1,000කට වඩා රැස් කර ඇති අතර, ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 48.13 ක් වේ.

නවසීලන්තයේදී තම ලෝක කුසලානය ආරක්‍ෂා කර ගැනීමේදී බ්යුමවුන්ට් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන බලකණුවක් වනු ඇත.

අළු බඳුන එක්දින තරගාවලියේදී ඕස්ට්‍රේලියාව හමුවේ එංගලන්තය 3-0 ක පරාජයක් ලද නමුත් එම සුන්වූ බලාපොරොත්තු සමගින් ඔවුන් ඉදිරියට ගිය බව නයිට් පැවසුවාය.

දෙවතාවක් ලෝක කුසලානයේ අනුශූරතාව දිනූ ඉන්දියාව 39 හැවිරිදි මිතාලි රාජ් විසින් මෙහෙයවනු ලබයි.  අතර, ඇය ලෝක කුසලාන තරගාවලි 6 කට සහභාගී වූ පළමු ක්‍රීඩිකාව බවට පත්වනු ඇත.

කණ්ඩායම් 8 කින් සමන්විත ලෝක කුසලාන තරගාවලියට එක්වීමට පෙර සත්කාරක නවසීලන්තය හමුවේ තරග පහකින් සමන්විත එක්දින තරගාවලියකදී 4-1 ක් ලෙස ඉන්දියාව පරාජයට පත් විය. තුන් ඉරියව් ක්‍රීඩිකා හර්මන්ප්‍රීත් කෞර්, ක්වීන්ස්ටවුන් හි පැවති අවසන් එක්දින තරගයේදී ලකුණු 63 ක් රැස්කරමින්, තරඟාවලිය අවසානයේ ඉන්දියාව ඉහළින් තැබීමට උපකාර කළේය.

කොරෝනා වංසගතය හේතුවෙන් තරගාවලිය නැරඹීමට 10% ක අවම ප්‍රේක්ෂක ප්‍රමාණයකට අවස්ථාව හිමිවනු ඇත. නමුත් තරඟාවලියේ ප්‍රගතියත් සමඟ එම සීමාවන් ලිහිල් විය හැකිය.
නවසීලන්තය සිකුරාදා (4 වැනිදා) බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මවුන්ට් මවුන්ගනුයිහිදී තරගාවලිය ආරම්භ කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ (2021) අගභාගයේදී සිම්බාබ්වේ හි පැවැත්වීමට නියමිතව තිබූ සුදුසුකම් ලැබීමේ තරඟාවලිය අවලංගු කිරීමෙන් පසුව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් එක්දින ශේණිගත කිරීම් අනුව බංග්ලාදේශය පළමු වරට ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබා ගත්තේය.

සුදුසුකම් ලැබීමේ තරඟාවලිය අවලංගු කිරීමත් සමගින් ශ්‍රේණිගත කිරීම්හී 9 වැනි ස්ථානයේ පසුවු ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ බලාපොරොත්තු සුන්වී ගියේය.

1997 වසරේ ඉන්දියාවේදී පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාව මින් පෙර තරගාවලි 6 කට සහභාගි වී ඇති අතර 1997 වසරේදී අර්ධ අවසන් පූර්ව වටයටද  සුදුසුකම් ලබාගත්හ.


- 2079

 


අදහස් (0)

සම්ප්‍රදායික සතුරන්ගේ සටන උග්‍ර අතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.