Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනයට තහංචි

සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනයට තහංචි

editorial - 2022 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පාපන්දු ලෝලීන් සංත්‍රාසයට පත්කරමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනයේ ක්‍රියාකාරීත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනයට බාහිර පාර්ශ්ව වලින් ඇතිවන බලපෑම් හේතුවෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ විශේෂ කමිටුවක් විසින් මෙම තහනම ක්‍රියාත්මක කර තිබේ. 

කිසියම් රටක ජාතික පාපන්දු සම්මේලනයකට බාහිර පාර්ශ්ව වලින් බලපෑම් කිරීම අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ප්‍රඥප්ති බරපතළ ලෙස උල්ලංඝණය කිරීමකි. 

සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව සතු බලතල ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් පරිපාලකයින්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමේ තීරණය වෙනස් කර, ඉන්දීය පාපන්දු ක්‍රීඩාවේ දෛනික මෙහෙයුම්වල සම්පූර්ණ පාලනය නැවතත් සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනයට ලැබුණු පසුව තහනම ඉවත් කරන බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සිය නිවේදනයෙන් කියා සිටී. 

මෙම තහනම හේතුවෙන් ලබන ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ වයස 17 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීමේ අවස්ථාව ඉන්දියාවට අහිමි වනු ඇත. 

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා ඇත්තේ තමන් ඉන්දියාවේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බවත්, ඉක්මනින්ම යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වන බවත්ය. මේ අතර ඉන්දීය පාපන්දු නායක සුනිල් චෙත්‍රි පැවසුවේ මෙම තහනම ඉන්දියාවේ පාපන්දු ක්‍රීඩාවට විනාශකාරී තීරණයක් බවයි. 

-213 


අදහස් (0)

සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනයට තහංචි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.