Last Update  :  2025-08-17 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සමරවීර නවසීලන්ත පිලට එක් වෙයි

සමරවීර නවසීලන්ත පිලට එක් වෙයි

editorial - 2019 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර පිතිහරඹ පුහුණු උපදේශකවරයකු ලෙස නවසීලන්ත කණ්ඩායම සමග එක්වීමට නියමිත බව වාර්තා වේ. 

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 14 වැනිදා ආරම්භවන අතර එහිදී සමරවීර නවසීලන්ත කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු වන පීටර් ෆුල්ටන්ට සහාය දැක්වීමට නියමිතය. 

ටෙස්ට් තරගවලදී ලකුණු 48 කට වැඩි සාමාන්‍යක් රඳවාගෙන ඇති සමරවීර මේ වන විට 42 වැනි වියේ පසුවෙයි. මින් පෙර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ බංග්ලාදේශ කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස කටයුතු කළේය. ඊට අමතරව 2016 වසරේ ඕස්ට්‍රේලියානු  කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වූ අවස්ථාවේදී ඔහු පුහුණු උපදේශකවරයකු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමටද සිය සේවය ලබාදුන්නේය. 

පීටර් ෆුල්ටන්ගේ පිතිහරඹ පුහුණුකාරීත්වය යටතේ නවසීලන්ත කණ්ඩායම සහභාගිවන පළමු විදෙස් තරගාවලිය මෙය වන අතර ඔහුට පෙර නවසීලන්ත කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ ක්‍රේග් මැක්මිලන් විසිනි. 

“ටෙස්ට් තරගාවලියේදී තිලාන් අප සමග එක්වීම සම්බන්ධයෙන් අපි මහත් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ තණතීරු සම්බන්ධයෙන් ඔහුගේ දැනුම මිල කළ නොහැකියි.” යැයි නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඞ් මහතා පැවසීය. 

ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 15 කට සහභාගි වී ඇති නවසීලන්ත කණ්ඩායමට ඉන් ජයගැනීමට හැකි වී ඇත්තේ තරග 4 ක් පමණි. මෙම තරගාවලියට සහභාගිවන නවසීලන්ත සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් අතරින් මින් පෙර ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග සඳහා සහභාගි වී ඇත්තේ නායක කේන් විලියම්සන් සහ රොස් ටේලර් පමණි. 

-036 


අදහස් (0)

සමරවීර නවසීලන්ත පිලට එක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.