Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කේන් විලියම්සන් පිට්ටනියේ හිදැස් සොයා ගැනීමට පටන් ගත් මොහොතේ සිටම දිල්ලි කැපිටල්ස් පිලට තරගයේ වාසිය අහිමි විය. අඟහරුවාදා අබුඩාබියේ ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේදී පැවැති අයි.පී.එල්. තරගයේදී විලියම්සන් කළ පිතිහරඹය හේතුවෙන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ලකුණු 15 ක පහසු ජයක් ලබාගත්තේය.
මෙම ජයග්‍රහණය සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිළේ පළමු වැනි ජයග්‍රහණයයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ කඩුලු 4 ක් දැවී ලකුණු 162 ක් ලබාගත් අතර නියමිත ඕවර 20 අවසානයේදී දිල්ලි පිලට ලබාගත හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 147 ක් පමණි.
ලකුණු 163 හඹා යාමේදී පළමු ඕවරයේදීම දිල්ලි පිලේ ආරම්භක පිතිකරු ප්‍රිත්වි ෂෝ දැවී යාමෙන් පසුව දිල්ලි ක්‍රීඩකයෝ කිසිම ධෛර්යයක් නොපෙන්වූහ. නායක ශ්‍රියාස් අයියර් සහ ශිකර් ධවාන් සමඟ එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 40 ක් එක් කළද පිතිකරුවන් එකා පසුපස එකා දැවී ගිය අතර 17 වැනි ඕවරයේදී ලකුණු පුවරුව කඩුලු 5 ට 117 ක් සේ සටහන් වී තිබිණ.
තම ඕවර හතරේදී දිල්ලි පිතිකරුවන් ලකුණු 14 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් රෂීඩ් ඛාන් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 4 ට 162
(ජොනී බෙයාර්ස්ටෝ 53, ඩේවිඩ් වෝනර් 45, කේන් විලියම්සන් 41, කගීසෝ රබාඩා 21/2, අමිත් මිශ්‍රා 35/2)
දිල්ලි කැපිටල්ස් - ඕවර 20 කදී කඩුලු 7 ට 147
(ෂිකාර් ධවාන් 34, රිෂාබ් පාන්ට් 28, ෂිම්රන් හෙට්මියර් 21; රෂීඩ් ඛාන් 3/14, බුවනේශ්වර් කුමාර් 2/25)
- 213
(ඡායාරූප – අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.