Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සනත් - මුරලි යළිත් තරග බිමට
ප්‍රවීනයන්ගේ ක්‍රිකට් ලීගය

සනත් - මුරලි යළිත් තරග බිමට

editorial - 2022 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රවීනයන්ගේ ක්‍රිකට් ලීගයට සමගාමීව ඉන්දීය ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහ ලෝක ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර ඉන්දියාවේ 75 වැනි නිදහස් උත්සවය සැමරීමේ අරමුණින් පැවැත්වෙන ප්‍රදර්ශන තරගයේදී ලෝක ප්‍රවීනයන්ගේ කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියට සහ මුත්තයියා මුරලිදරන්ට හිමිව තිබේ. 

මෙම තරගය සැප්තැම්බර් මස 16 වැනිදා කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී සෞරව් ගංගුලි විසින් ඉන්දීය ප්‍රවීනයන්ගේ කණ්ඩායමද, ඔයින් මෝගන් විසින් ලෝක ප්‍රවීනයන්ගේ කණ්ඩායමද මෙහෙයවනු ලබති. 

දෙවැනි වටර පැවැත්වෙන ප්‍රවීනයන්ගේ ක්‍රිකට් ලීගය මෙම තරගයට පසුදින එනම් සැප්තැම්බර් මස 17 වැනිදා ආරම්භවනු ඇත. මෙවර තරගාවලිය පෞද්ගලික හිමිකාරීවයන් දරන කණ්ඩායම් 4 ක සහභාගීත්වයෙන් පැවැත්වේ. දින 22 ක් පුරා පැවැත්වෙන තරගාවලිය තරග 15 කින් සමන්විත වේ. 

ප්‍රදර්ශන තරගය සඳහා ඉන්දීය ප්‍රවීනයන්ගේ සංචිතය 
සෞරව් ගංගුලි (නායක), විරේන්ද්‍ර ෂෙවාග්, මොහොමඩ් කයිෆ්, යූසෆ් පතාන්, සුබ්‍රමනියම් බද්‍රිනාත්, ඉර්ෆාන් පතාන්, පාර්තිව් පටේල්, ස්ටුවට් බිනී, එස්. ශ්‍රීෂාන්ත්, හර්බජාන් සිං, නාමන් ඕජා, අෂෝක් දින්දා, ප්‍රගයන් ඕජා, අජේ ජදේජා, ආර්.පී. සිං, ජොගින්දර් ශර්මා, රීටින්දර් සිං සෝධි

ප්‍රදර්ශන තරගය සඳහා ලෝක ප්‍රවීනයන්ගේ සංචිතය 
ඔයින් මෝගන් (නායක), ලෙන්ඩ්ල් සිමන්ස්, හර්ෂල් ගිබ්ස්, ජැක් කලිස්, සනත් ජයසූරිය, මැට් ප්‍රයර්, නේදන් මැකලම්, ජොන්ටි රෝඩ්ස්, මුත්තයියා මුරලිදරන්, ඩේල් ස්ටේන්, හැමිල්ටන් මසකඩ්සා, මෂ්රෆී මොටාසා, අස්ඝර් ඇෆ්ඝන්, මිචෙල් ජොන්සන්, බ්‍රෙට් ලී, කෙවින් ඕ’බ්‍රයන් සහ දිනේෂ් රැම්ඩින් 

-036


අදහස් (0)

සනත් - මුරලි යළිත් තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.