Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ අධිවේගී ලකුණු රැස්කිරීමේ රටාව අනුගමනය කිරීමට පිළිපන් එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝත්, චෙම්ස්ෆර්ඩ්හිදී ඉරිදා (21 වැනිදා) ආරම්භ වූ පළමු වැනි යොවුන් ටෙස්ට් තරගයේදී ඕවර 78 කින් ලකුණු 387 ක් ලබාගත්හ. ඕවරයකදී ලකුණු 5 කට ආසන්න වේගයක් රඳවාගත් එංගලන්ත යොවුන් කණ්ඩායම දිනය නිමාවීමට පෙරම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාත් ආපසු ක්‍රීඩාගාරයට යැවීය.
තරගයේ පළමු වැනි දිනය නිමාවූයේ ලකුණු 25 ක් ඇතුළත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුල්ලක් අහිමි කරගනිමිනි.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ හැරී සිං (27) සහ බෙන් මැකිනී (33) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් දෙදෙනාම ලකුණු 9 ක් ඇතුළතදී දැවී ගියහ. ලකුණු 64 දී දෙවැනි කඩුල්ල බිඳ වැටුණ නමුත්, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 185 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ රොස් විට්ෆීල්ඩ් (86) සහ ජෝර්ජ් බෙල් (107) තරගය සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවකට ඇදගෙන ගියහ.
තරගයේ තාලය වෙනස් කළ මෙම පිතිකරුවෝ දෙදෙනා, ලකුණු 185 ක් එක්කළේ ඕවර 30.2 කිනි. සීමිත ඕවර නොවන තරගයකදී මෙය අතිශයින් ප්‍රචණ්ඩකාරී පිතිහරඹයක් වන අතර ප්‍රතිවාදී පන්දු යවන්නන් අන්ද මන්ද කිරීමකි. ජොර්ජ් බෙල්ගේ ඉනිමට හතරේ පහර 16 ක් ඇතුළත් වූයේය. රොස් විට්ෆීල්ගේ ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් සමන්විත විය.
ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් අතර යම් තරමකට හෝ සාර්ථක වූයේ වේග පන්දු යවන දුවිඳු රණතුංග පමණි. ඕවර 17 කදී ලකුණු 100 ක් තිළිණ කළ නමුත්, කඩුලු 4 ක් දවාගැනීමට රණතුංග සමත් වූයේය. එංගලන්ත යොවුන් පිතිකරුවන් කෙතරම් වේගයෙන් ලකුණු ලබාගත්තාද යත් ඔවුන් වෙත යැවුණු ඕවර 78 න් නිලකුණු ඕවර ලෙසින් වාර්තා වූයේ ඕවර 8 ක් පමණි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.