Last Update  :  2025-08-07 17:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සකිබ් අංක 3 ට එයි

සකිබ් අංක 3 ට එයි

editorial - 2021 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සකිබ් අල් හසන් අංක 3 ස්ථානයේ පන්දුවට පහර දිමට නියමිතව ඇතැයි වාර්තා වේ. තරගාවලිය මේ මස 23 වනදා ආරම්භ වේ.

වසරක ක්‍රිකට් තහනමකින් පසුව ඔහු ජාත්‍යන්තර පිටියට පිවිසීමෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී අංක 4 ස්ථානයේ පන්දුවට පහර දුන්නේය. බංග්ලාදේශ පිතිකරු ලැයිස්තුවේ ස්ථාවරත්වයක් ගොඩ නැගීමේ අරමුණින් බංග්ලාදේශයේ කණ්ඩායම් කළමනාකාරිත්වය එම තීරණය ගෙන තිබුණි.

නස්මුල් හුසේන් සහ සෞම්‍ය සාර්කර් අංක 3 ස්ථානයේ පන්දුවට පහර දුන්නද බංග්ලාදේශ කණ්ඩයම් කළමණාකාරීත්ය බලාපොරොත්තු වූ සාර්ථකත්වය ලබාගැනීමට අපොහොසත් වීම නිසා ඔවුන්ගේ උපායමාර්ගය සාර්ථක නොවීය. එහෙත් සකිබ් අල් හසන්ගේ පිතිහරඹ රටාව අනුව අංක 3 ස්ථානය ඔහුට හොඳින් ගැලපෙන බව බංග්ලාදේශ කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානී මින්හාජුල් අබෙඩින් මහතා පවසා ඇත.

“ඔහු (සකිබ්) ශ්‍රී ලංකාවට එරෙහිව (එක්දින තරගයේදී) අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙනවා. එය (අංක 3) ඔහුට හොඳම ස්ථානය වන අතර මැද පෙළ පන්දුවට පහරදීමට පෙර ඔහුට ස්ථාවර වීමට කාලය ලැබෙනු ඇතැයි අපට හැඟෙනවා.” යයි මින්හාජුල් මහතා පවසා ඇත.

ආබාධයන්ට ලක්විම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියෙන් වේගපන්දු යවන ක්‍රීඩකයින් වන රුබෙල් හොසේන් සහ හසන් මහමුද් ඉවත් කර තිබේ. මේ වන විට පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටින මෙම ක්‍රීඩකයින් දෙදෙනා නැවත ක්‍රීඩාවට එක්වීමට පෙර ඔවුන්ගේ නිසි ශාරීරික යෝග්‍යතාව ලබාගැනීමට සිදුවනු ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන වෛද්‍ය දෙබසිස් චෞද්‍රී මහතා පවසා ඇත.


-2079

 


අදහස් (0)

සකිබ් අංක 3 ට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.