Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන් සහ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රහමාන් බංග්ලාදේශ ජාතික කණ්ඩායම සමඟින් එක්ව සිටිති.
සකීබ් සහ මුස්ටෆිසූර් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට එක්කර ගැනීම සඳහා ඔවුන්ගේ නිරෝධායන කාලය අඩු කරන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වරින් වර ඉල්ලීම් කරන ලදි. ඒ පිළිබඳව සලකා බැලූ සෞඛ්‍ය අමාත්‍යාංශය දින 2 කින් නිරෝධායන කාලය ලිහිල් කරමින් දින 12 කින් ඔවුන් නිදහස් කිරීමට අවසර දුන්නේය.
ජෛව ආරක්ෂිත බුබුලු තුලින් කොරෝනා ආසාදනය වූවන් වාර්තා වීමත් සමගින් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය මැයි මස 4 වැනිදා අත්හිටුවන ලදින්, විදේශීය ක්‍රීඩකයෝ සිය රටවල් බලා පිටත් වූහ. ඒ අනුව සකීබ් සහ මුස්ටෆිසූර් 6 වැනිදා ආපසු සිය රට බලා පැමිණියද ඔවුන්ට අනිවාර්ය දින 14 ක නිරෝධායනය කාලයක් ගතකිරීමට සිදුවිය. ඒ අනුව ඔවුන්ගේ නිරෝධායන කාලය නිමා වීමට නියමිතව තිබුණේ 20 වැනිදාය.
එහෙත් දින දෙකක සහන කාලයක් ලැබීම නිසා ඔවුන් දෙදෙනාම ඊයේ (18 වැනිදා) කණ්ඩායමට එක්වූහ.
“ඔවුන් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී ඇති බැවින් ඔවුන් දිගු කලක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි බවක් මා හිතන්නේ නෑ. ඔවුන් නිරෝධායනයක නිරත වූ නමුත් ඔවුන් සතුව ඇති අත්දැකීම් ප්‍රමාණය නිසා ඔවුන් නැවත සුපුරුදු දස්කම් අතරට පිවිසීමට කාලය ගන්නා එකකුත් නෑ.” යයි බංග්ලාදේශ තේරීම් කමිටු ප්‍රධානී මින්හාජුල් අබෙඩින් මහතා පැවසීය.
බංග්ලාදේශ ක්‍රීඩකයන් සහභාගිවන පුහුණු තරගය හෙට (20 වැනිදා) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා (මැයි 16) ඩකා වෙත පැමිණි අතර ඔවුන් සිය හෝටලයේදී දින තුනක නිරෝධායනය අවසන් කිරීමෙන් පසු අද පුහුණුවීම් ආරම්භ කළේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.