Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංචිත දෙකටම නායිකාව බිස්මා
පාකිස්තානු සංචාරය

සංචිත දෙකටම නායිකාව බිස්මා

editorial - 2022 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලි සඳහා අලුත් මුහුණු කිහිපයක් සමගින් එක්දින සහ විස්සයි20 කාන්තා සංචිත දෙකක් නම් කිරීමට පාකිස්තානු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත සීමිත ඕවර තරගාවලි දෙක සඳහා නම්කරන ලද සංචිත දෙකෙහිම නායකත්වය බිස්මා මහරුෆ් වෙත හිමිවී ඇත.

අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් වන ඩයනා බේග් සහ අලියා රියාස් සමගින් යොවුන් වේගපන්දු යවන්නියක් වන ෆාතිමා සානා සංචිත දෙකටම නම් කර ඇත.

මෙම වසර මුලදී නවසීලන්තයේදී පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක්වූ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් දෙපළක් වන ජවේරියා ඛාන් සහ නහිඩා ඛාන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සීමිත ඕවර තරගාවලි දෙක සඳහා නම් කර නැත.

නවක ක්‍රීඩිකාවක් වන කඩුලු රකින ක්‍රීඩිකා ගුල් ෆෙරෝසා 15 දෙනෙකුගෙන් යුත් සංචිත දෙකටම නම් කිරීමත් සමගින් පාකිස්තානු හිස් වැස්ම හිමිකර ගැනීමේ වැඩි ඉඩකඩක් ඇයට හිමිවේ. එමෙන්ම පිතිකාරිණියක් වන සදාෆ් ෂාමාස් එක්දින තරගාවලියේදීත් පා දඟ පන්දු යවන ක්‍රීඩිකා ටුබා හසන් විස්සයි20 තරගාවලියේදීත් මංගල තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

“මට අවශ්‍ය වන්නේ සංචිත දෙකටම තරගාවලිය පුරාම හොඳම දේ කරන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරන්නයි. අපි ගුල් ෆෙරෝසා, සදාෆ් ෂමාස් සහ ටුබා හසන්ට ඔවුන්ගේ අනාගත හැකියාවන් සහ කුසලතා මත අවස්ථාවක් ලබා දී තියෙනවා” යයි තේරීම් කමිටු ප්‍රධානී අස්මාවියා ඉක්බාල් මහත්මිය පැවසුවාය.

“තරුණියන් තිදෙනා පසුගිය දෙසැම්බරයේදී නැගී එන කණ්ඩායම් සමගින් කඳවුරට සහභාගී වූනා. එහිදී ඔවුන්ගේ දක්ෂතා පිළිබඳ හැඟීමක් අපිට ඇති කළා”

“ඔවුන්ගේ ප්‍රගතිය දැකීමෙන් මම සතුටු වෙනවා. ඔවුන්ව ජාත්‍යන්තර තලයට ගෙන ඒමට සුදුසුම කාලය මෙය බව අපට හැඟී ගියා” යයි ඉක්බාල් මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.
සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (19 වැනිදා) පාකිස්තානයේ කරච්චි නුවර වෙත ලඟා වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියෙන් තුන්වැනි වරට පැවැත්වෙන අයි.සී.සී. කාන්තා ලෝක ශූරතාවලිය ආරම්භ වෙයි. වසර 2025 දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා එක එල්ලේම සුදුසුකම් ලබාගැනීමට නම් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළම කණ්ඩායම් 6 ට ඇතුළත් වීමට ශ්‍රී ලංකා පිලට සිදුවනු ඇත.
මෙම එහි පළමු තරගය ජූනි මස 1 වැනිදා පැවැත්වේ. තරගාවලියේ සියලුම තරග කරච්චියේදී පැවැත්වීමට නියමිතය.


පාකිස්තානු කාන්තා එක්දින සංචිතය
බිස්මා මාරූෆ් (නායිකාව), ආයිමන් අන්වර්, ආලියා රීසා, අනාම් අමීන්, ඩයනා බේග්, ෆාතිමා සානා, ගුලාම් ෆාතිමා, ගුල් ෆෙරෝස්, මුනීබා අලී සිද්දික්, නිඩා දාර්, ඔමයිමා සොහෙල්, සදාෆ් ශමාස්, සාදියා ඉක්බාල්, සිද්‍රා අමීන් සහ සිද්‍රා නවාස්.


පාකිස්තානු කාන්තා විස්සයි20 සංචිතය
බිස්මා මාරූෆ් (නායිකාව), ආයිමන් අන්වර්, ආලියා රීසා, අනාම් අමීන්, අයේෂා නසීම්, ඩයනා බේග්, ෆාතිමා සානා, ගුල් ෆෙරෝස්, ඉරාම් ජාවේඩ්, කයිනාත් ඉම්තියාස්, මුනීබා අලී සිද්දික්, නිඩා දාර්, ඔමයිමා සොහෙල්, සාදියා ඉක්බාල්, ටුබා හසන්.


විස්සයි20 තරග කාලසටහන
මැයි 24 - පළමු විස්සයි20 තරගය, කරච්චිහිදී
මැයි 26 - දෙවැනි විස්සයි20 තරගය, කරච්චිහිදී
මැයි 28 - තෙවැනි විස්සයි20 තරගය, කරච්චිහිදී


එක්දින තරග කාලසටහන
ජුනි 1 - පළමු එක්දින තරගය, කරච්චිහිදී
ජුනි 3 - දෙවැනි එක්දින තරගය, කරච්චිහිදී
ජුනි 5 - තෙවැනි එක්දින තරගය, කරච්චිහිදී

 


අදහස් (0)

සංචිත දෙකටම නායිකාව බිස්මා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.